*
Sunday, April 27, 2025
spot_img

Latest Posts

සරසවි ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට 64%ක් සුදුසුකම් ලබයි!

රෂිකා හෙන්නායක

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව අයදුම්කරුවන් එක් ලක්ෂ හැත්තෑ හත් දහස් පන්සීය අසූ අට දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා තිබෙන බව වාර්තා වේ.

මෙවර එම විභාගය සඳහා අයදුම්කරුවන් දෙලක්ෂ හැත්තෑ හතර දහස් තුන්සිය හැට එක් දෙනෙකු පෙනී සිටි අතර, ඒ අනුව මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් අතරින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලැබූ සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස සියයට 64යි දශම 7යි 3ක් වන බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. 

මේ අතර අයදුම්කරුවන් 456 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටු වීමට ද විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන අතර, ඒ අතරින් 420 දෙනෙකු පාසල් අයදුම්කරුවන් වන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. 

ලබන 28 වනදා සිට සියලුම පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් හට විභාග දෙපාර්තමේන්තුවේ සබැඳියට පිවිස සිය ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර ප්‍රතිඵල සටහනක් බාගත කර ගැනීමට හෝ නිරීක්ෂණය කිරීමට පහසුකම් සලසා තිබේ.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, එමෙන්ම සියලුම විදුහල්පතිවරුන්ට විභාග දෙපාර්තමේන්තුවේ සබැඳියට පිවිසීම මඟින් අයදුම්පත් එවීම සඳහා දැනටමත් ලබාදී ඇති පරිශීලක නාම සහ මුරපද භාවිත කර අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය බාගත කර මුද්‍ර‘ත පිටපත් ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බවයි.

මේ අතර මැයි මස දෙවනදා සිට ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා සබැඳිය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ හැකි වේ.විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, එම අයදුම්පත් ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලය මැයි 16 වනදායින් අවසන් වන බවයි.

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණ අතර, විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙබ් අඩවි වෙත පිවිස ප්‍රතිඵල පරීක්ෂා කළ හැකි බවයි. 

උසස් පෙළ විභාගය පසුගිය නොවැම්බර් 25 වනදා සිට දෙසැම්බර් 20 වනදා දක්වා පැවැත් වුණ අතර, ඒ දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,312කදී වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan