අපි කිව්ව දේ ඇහුවා නම් අද රටට මෙහෙම දෙයක් වෙන්නේ නෑ – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

ජනාධිපතිතුමා විපක්ෂයේ සිටින සමයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන ලෙස එතුමාත් සමගි ජන බලවේගයත් දිගින් දිගටම පැවසුවත් එවක මුදල් ඇමතිව සිටි බැසිල් රාජපක්ෂ කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රට විනාශ කරන්නේය යනුවෙන් බවත් එවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම වැළැක්වූ පිරිස අද ජනාධිපතිතුමා කියන කියනදේට අත උස්සන බවත් එදා තමා ඇතුළු පිරිස කියා සිටි දේ කළා නම් අද රටට මෙවැනි තත්ත්වයක් ඇති නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දින 52 ආණ්ඩු සමයේ වත්මන් ජනාධිපතිවරයා අගමැතිකමින් ඉවත් කර තමාට 71 වතාවක් අගමැතිකම බාර ගන්නා ලෙස එවක විපක්ෂයේ සිටි මන්ත්‍රීවරුන් කියා සිටියත් එම ඉල්ලීම ප්‍රතිපත්තියක් ලෙස ප්‍රතික්ෂේප කර සිටියේ කිසිම අවස්ථාවක ඔවුන් සමග එකට එකතු වීමට තමාට අවශ්‍ය නොවන නිසා බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (26) පාර්ලිමේන්තුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කතාවට පිළිතුරු ප්‍රකාශයක් ඉදිරිපත් කරමිනි.

එසේ ම මුදල් කමිටුවේ විපක්ෂයේ නියෝජිතයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමා යෝජනා කළ බවත් මේ කටයුතු හොඳ හිතින් සිදු කරනවා නම් මේ මුදල් කමිටුවේ සභාපතිකම හර්ෂ ද සිල්වා මැතිතුමාට ලබා දෙන ලෙසත් ඒ සඳහා ඔහු ඉතා සුදුසු පුද්ගලයකු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...