RM Parks – Shell මෙරට මෙහෙයුම් ඇරඹීමට දින නියම වෙයි

Date:

RM Parks – Shell සමාගමේ නිලධාරීන් සහ බලශක්ති අමාත්‍යාංශය ඇතුළු ආයතනවල නිලධාරීන් අතර හමුවක් මාර්ගගත ක්‍රමය ඔස්සේ පෙරේදා (25) දිනයේදී පවත්වා ඇති අතර එහිදී මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය ව්‍යාපර බලපත්‍ර, ගිවිසුම, ප්‍රතිපත්ති, යටිතල පහසුකම්, ගිවිසුම්ගත වන දින වකවානු සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන කාල රාමුව පිළිබඳව සාකච්ඡා කර තිබේ.

එහිදී මැයි මස මැද දිනයක ගිවිසුම්ගත වීමට වෙන් කර ගැනීමට සහ ජුනි මස පළමු සතියේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට එකඟතාවය පල කර ඇත.

එමෙන්ම එම සමාගමේ තාක්ෂණික නිළධාරීන් පසුගිය සතියේ තොග ගබඩා පර්යන්තයේ සිදු කල සංචාරයේදී නිරික්ෂණය කල නැව් ගොඩ බැමේදී ජාත්‍යන්තර වශයෙන් අවශ්‍ය පහසුකම් ඔවුන්ගේ මුල්‍ය ආයෝජනය තුල මැයි මාසය තුල නවීකරණය කිරීමටද සහය පල කර තිබිණි.

මෙම අවස්ථාවට විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා මහ බැංකුව, ආයෝජන මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තය වෙනුවෙන් නිලධාරීන්ද මාර්ගගත ක්‍රමය ඔස්සේ එක්විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර පහකට පසුව මියන්මාර හමුදා පාලනයෙන් පවත්වන මැතිවරණයත් මුලාවක්?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මියන්මාර හමුදා පාලනය විසින් 2021 වසරේ...

දේශපාලන අස්ථාවරත්වය අවසන් කිරීමේ උත්සාහයක් ලෙස කොසෝවෝහි හදිසි මැතිවරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරක දේශපාලන අස්ථාවරත්වය...

ඩග්ලස් දේවානන්දාට නිකුත් කළ ගිනි අවි 20 ක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින්...

ආපදා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඉන්දු – ලංකා කමිටුවක්!

කොළඹ LNW: දිට්වා අපදවෙන පසු ආපදා ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී...