*
Monday, November 25, 2024
spot_img

Latest Posts

ආර්ථික අභියෝග හේතුවෙන් ORIFLAME ශ්‍රී ලංකා වෙළඳපොලෙන් සමු ගැනීමට තීරණයක්!

සටහන – නිපුනි ලියනගේ

අප්‍රේල් 28, කොළඹ (LNW): ගෝලීය රූපලාවන්‍ය සමාගමක් වන ඔරිෆ්ලේම් සිය මෙහෙයුම් තිරසාර නොවන බවට පත් කර ඇති ආර්ථික අභියෝග රාශියක් සඳහන් කරමින් 2024 මැයි 15 දින සිට ශ්‍රී ලංකා වෙළෙඳපොළෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ඔරිෆ්ලේම් 1997 වසරේ සිට ශ්‍රී ලංකාවෙන් ඉවත්වීම පිළිබඳව බලවත් කණගාටුව ප්‍රකාශ කර ඇත. වසර ගනනාවක් තිස්සේ විවිධ අභියෝග හමුවේ කැපවීමෙන් සහ ඔරොත්තු දීමේ හැකියාව තිබියදීත්, සමාගම මෙම තීරණයට යොමුව තිබේ.

“අවාසනාවකට මෙන්, අපගේ උත්සාහයන් නොතකා, මූල්‍ය අර්බුද මාලාවකින් සංලක්ෂිත සාර්ව ආර්ථික පරිසරය, COVID-19 හි ගෝලීය බලපෑම, දැඩි ආනයන සීමා කිරීම්, විනිමය අනුපාත උච්චාවචනය වීම, මෙහෙයුම් පිරිවැය වැඩිවීම සහ නියාමන වෙනස්කම් අපගේ මෙහෙයුම්වලට සැලකිය යුතු ලෙස බාධා කර ඇති බව” ඔවුන් සඳහන් කර තිබේ.

මෙම කරුණු නිසා අපට අපේ ව්‍යාපාරය නුදුරු අනාගතයේ දී පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයට පත් වී ඇත,” යනුවෙන් එහි වැඩිදුරටත් සඳහන් වේ.

ඔරිෆ්ලේම් සිය සන්නාම හවුල්කරුවන්ට, නායකයින්ට, කාර්ය මණ්ඩලයට සහ පාර්ශවකරුවන්ට වසර ගණනාවක් පුරා ඔවුන්ගේ නොසැලෙන සහයෝගය, කැපවීම සහ දායකත්වය වෙනුවෙන් කෘතඥතාව පළ කර සිටී.

වසර ගණනාවක් පුරා ඉහළම 15 කවුන්සිලයේ කොටසක් ලෙස සමාගමේ වර්ධනය සහ සාර්ථකත්වය සඳහා ඒකාබද්ධ කාර්යභාරයක් ඉටු කළ ඉහළ නායකයින්ට විශේෂ පිළිගැනීමක් ලබා දෙන ලදී.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan