ඇමෙරිකා එක්සත් ජනපදයේදී Director’s Queen ජයගත් තුෂාරි ජයකොඩි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 28, කොළඹ (LNW):පසුගියදා, ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති වයස අවුරුදු 50 ට වැඩි ලෝක රූ රැජින තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  සහභාගී වූ තුෂාරි ජයකොඩි මහත්මිය එහි අධ්‍යක්ෂ මණ්ඩල රූ රැජින (Director’s Queen ) ලෙස ජයග්‍රහණය කර  අද දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව සඳහන් වේ.

මෙම ලෝක රූ රැජින  තරඟාවලිය ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ලෝකයේ රටවල් 37 ක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 21 දින සිට 25 දින දක්වා පවත්වා තිබුණු බව පැවසේ.

තුෂාරි ජයකොඩි මහත්මිය කටුනායක ගුවන් තොටුපොළේ දී ප්‍රකාශ කළේ, මෙම ජයග්‍රහණය සදහා ලෝකයේ රටවල් 37 ක රූ රැජිනියන් අතර විශාල තරගයක් පැවති බවත් , ඔවුන් අතරින් මෙම අධ්‍යක්ෂ මණ්ඩල රූ රැජින ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වීම ශ්‍රී ලංකාව ලද විශාල භාග්‍යයක්  බවත්ය.

ශ්‍රී ලංකාවේ පැවති තරඟාවලියෙන් වයස අවුරුදු 50 ට වැඩි කාණ්ඩයේ ශ්‍රී ලංකා රූ රැජින ලෙස ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඇය මෙම තරගාවලිය සදහා සහභාගී වීමට ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ සංඛ්‍යාව 465 දක්වා ඉහළට. 366 ක් අතුරුදන් !

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා...

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...