ඇමෙරිකා එක්සත් ජනපදයේදී Director’s Queen ජයගත් තුෂාරි ජයකොඩි!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 28, කොළඹ (LNW):පසුගියදා, ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති වයස අවුරුදු 50 ට වැඩි ලෝක රූ රැජින තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  සහභාගී වූ තුෂාරි ජයකොඩි මහත්මිය එහි අධ්‍යක්ෂ මණ්ඩල රූ රැජින (Director’s Queen ) ලෙස ජයග්‍රහණය කර  අද දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව සඳහන් වේ.

මෙම ලෝක රූ රැජින  තරඟාවලිය ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ලෝකයේ රටවල් 37 ක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 21 දින සිට 25 දින දක්වා පවත්වා තිබුණු බව පැවසේ.

තුෂාරි ජයකොඩි මහත්මිය කටුනායක ගුවන් තොටුපොළේ දී ප්‍රකාශ කළේ, මෙම ජයග්‍රහණය සදහා ලෝකයේ රටවල් 37 ක රූ රැජිනියන් අතර විශාල තරගයක් පැවති බවත් , ඔවුන් අතරින් මෙම අධ්‍යක්ෂ මණ්ඩල රූ රැජින ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වීම ශ්‍රී ලංකාව ලද විශාල භාග්‍යයක්  බවත්ය.

ශ්‍රී ලංකාවේ පැවති තරඟාවලියෙන් වයස අවුරුදු 50 ට වැඩි කාණ්ඩයේ ශ්‍රී ලංකා රූ රැජින ලෙස ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඇය මෙම තරගාවලිය සදහා සහභාගී වීමට ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...