*
Sunday, May 12, 2024
spot_img

Latest Posts

හතළිහේ බැරියරය බිඳි ලංකාවේ තරුණ ජවය ආසියාවේ දෙවන තැනට

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 28, කොළඹ (LNW): ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය නිමා වී ඇත.එහි ප්‍රතිපලට ලෙස ශ්‍රී ලංකාවට ලැබුණේ රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් තුනකි.රිදී පදක්කමක් තනි ඉසව්වකදී ශ්‍රී ලංකාවට හිමි වුව ද,අන් සියලුම පදක්කම් හිමි වුණේ සහය දිවීම් කණ්ඩායම්වලට ය.තනි ඉසව්වකින් ශ්‍රී ලංකාවට හිමි වූ එකම පදක්කම දිනා දුන්නේ මධුශානි හේරත් ය.ඒ තුන් පිම්ම ඉසව්වෙන්ය.
ශ්‍රී ලංකාවට මධුශානි දිනා දුන් රිදී පදක්කමටත් වඩා වටිනාකමක් හිමි වන්නේ මීටර් 100 සහය දිවීමේ ඉසව්වේ රිදී පදක්කමෙන්ය.එය ඓතිහාසික ධාවනයකි.තත්පර 40 සීමාවේ බැරියරය කඩා දමමින් මීටර් 100 සහය ඉසව්වක් තත්පර 39 සීමාවට රැඟෙක ආ පළමු තරුණයෝ හැටියට එම රිදී පදක්කම සමග බැඳෙන කතාව ලංකාවේ මලල ක්‍රීඩාවේ වැදගත්ම සංධිස්ථානයක් ලෙස හැඳිනිවිය හැකිය.
මෙරොන් විජේසිංහ,ඉඳුවර වීරරත්න,කෞෂාල් තමෙල් සහ ඉඳුසර විදූසන් නම් වූ සිව් කට්ටුව මීටර් 100 මූලික වටයේ දී ද ශ්‍රී ලංකා වාර්තාව ඉක්මවා යන්නේ අවසන් යෂ්ඨි හුවමාරුවේ ප්‍රමාදය ද සහිතවය.අප ඒ තරගයෙන් අනතුරුව පැවසුවේ යශ්ඨි හුවමාරුව නිවැරදිව සිඳුවන්නේ නම් එම කණ්ඩායමට තත්පර 39 සීමාවට පැමිණිය හැකි බවය.


https://sinhala.lankanewsweb.net/04/27/108659/


අප පැවසූ පරිදි අවසාන යශ්ඨි හුවමාරුව මූලික තරගයේ තත්ත්වයට වඩා ඉතා ඉහළින් සාර්ථක විය.දෙවන මිටර් 100 ධාවනයේ යෙදුණු ඉඳුවර වීරරත්න ඉතා හොඳ ධාවනයක් සමඟින් තරගයේ මුල් ස්ථාන තුන අතර ශ්‍රී ලංකාව ස්ථීර වශයෙන්ම රැඳෙන බව සනාත කළේය.ආරම්භය කෞෂාල් තමෙල් විය.දෙවැන්නා වීරරත්න ය.තෙවැනි මීටර් ඉඳුසරගේය.අවසාන මීටර් 100 ට යශ්ඨිය ලැබුණේ මෙරෝන්ට ය.තරගය නිම කළ තත්පර 39.81 ට වඩා හොඳ මට්ටමකට මේ තරගය නිමා කරන්නට තරම් හැකියාවක් මේ තරුණයන් සිව් දෙනා සතුව තිබෙන බව බලධාරීන් තේරුම් ගැනීම වැදගත්ය.ඔවුන් වටා සිටින සියලු දෙනාම මේ සිව් කට්ටුව අනෙකාගේ තරගකාරයෙක් ලෙස රට වෙනුවෙන් මෙහෙයවනු විනා තරහකාරයෙක්ගේ මට්ටමට නිර්මාණය නොකිරීම වැදගත්ය.


මීටර් 400 ඉසව්ව ශ්‍රී ලංකාව කැපී පෙනෙනම ධාවන ඉසව්ව වන්නේය.එහිදී සහය දිවීමේ ඉසව්වට ඇති වැදගත්කම තවත් විශේෂිතය.මෙවර ද මීටර් 400 සහය දිවීමේ ඉසව් තුනකට ශ්‍රි ලංකාව සහභාගි විය.ඒ මිශ්‍ර,පිරිමි සහ කාන්තා ලෙසය.විශේෂය එම ඉසව් තුනෙන්ම ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කම දිනා ගැනීමය.මීටර් 400 තනි ඉසව්ව කිසිවෙකුත් නියෝජනය කරන්නට නුසුදුසු ලෙස තීරණය කර තිබියදී සහය දිවීමේ ඉසව්වට පමණක් පිටත් කර යැවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කණ්ඩායමක් හැටියට ලබා ගත් මේ ජයග්‍රහණය අතිශයින් අගය කළ යුතුය.


පිරිමි මීටර් 400 සහය දිවීමේ අවසානයේ දී මීටර් 400 දිවීමට යොදා ගත් ජාත්‍ය කිරුළුගේ ධාවනය දුටු විට හැඟුණේ ඔහු තනි ඉසව්ව නියෝජනය කළ ද,ආසියාවට අභියෝගයක් දිය හැකි මට්ටමක සිටි බවක්ය.ඉතා තියුණු අවසානයක් ආ එම පිරිමි මීටර් 400 තරගයේදී ශ්‍රී ලංකාවට හිමි වුණේ ලෝකඩ පදක්කමය.එයට ජාත්‍ය කිරුළු සමග අවිශ්ක රාජපක්ෂ,හසිඳු නෙත්සර සහ ඔමෙල් ශෂින්ත එකතු විය.කාන්තා ලෝකඩ පදක්කම දිනා දුන්නේ ජිත්මා විජේතුංග,නුහන්සා කොඩිතුවක්කු,ප්‍රවින්දි දුනුසිංහ සහ චාරුනි ප්‍රමුදි යන ක්‍රිඩිකාවන්ය.මෙම පිරිමි කණ්ඩායමෙන් කිරුළු සහ අවිශ්ක ද,කාන්තා කණ්ඩායමෙන් ජිත්මා සහ නුහන්සා ද එක්ව මිශ්‍ර ලෝකඩ පදක්කම දිනා දුන්හ.

ශ්‍රී ලංකාව විශාල සේ බලාපොරොත්තු තබා සිටි පිරිමි උස පැනීමේ තරගයේදී දෙනෙත් අනුහස් සහ තරුෂ මෙණ්ඩිස් යන දෙදෙනාම පැන්නේ මීටර් 2.06 ක උසක් පමණි.තරගයේ අවසාන ප්‍රතිපලය බලන විට එහි පදක්කමක් යන්න තිබුණේ ක්‍රිඩකයින් දෙදෙනා හොඳම පෞද්ගලික දක්ෂතාවය දැක් වූවානම් පමණි.එසේ නොවුණු බැවින් දෙනෙත්ට සිව්වන තැනත්,තරූෂට පස්වන තැනත් හිමිවෙමින් උස පැනීමේ පදක්කම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි විය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan