ජන පීඩක ආණ්ඩුව පළවා හරිමු – ලංකා ඉතිහාසයේ දැවැන්තම වැඩවර්ජනය අද ….

Date:

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදුවූ දැවැන්තම වැඩවර්ජනය අද (28) ක්‍රියාත්මක වේ.

රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, වතු ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති 1000කට ආසන්න සංඛ්‍යාවක් මෙම වැඩවර්ජනයට එක්වීමට නියමිත ය.

මෙහි මුල්ම පියවර වශයෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවක වෘත්තීය සමිති වැඩවර්ජනය ආරම්භ කර තිබුණු අතර ඔවුන් ප්‍රකාශ කර තිබුණේ අද මධ්‍යම රාත්‍රිය වනතෙක්ම දුම්රිය ධාවනයක් සිදු නොවනු ඇති බවයි.

වරාය, දුම්රිය, සෞඛ්‍ය, බැංකු, ගුරු – විදුහල්පතිවරු, වෙළඳ කලාප ඇතුළු පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති මෙන්ම වතු ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති ද මෙම දැවැන්ත වැඩවර්ජනයට එක්ව සිටීම විශේෂත්වයකි.

අද වැඩවර්ජනය දීපව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක් ලෙස ක්‍රියාත්මක වන අතර සතියක් තුළ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස් නොවන්නේ නම් රටේ සියලුම ක්ෂේත්‍ර නතර වන පරිදි අඛණ්ඩව සමස්ත මහා වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවටයි වෘත්තීය සමිති අනතුරු හඟවා ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...