රඹුක්කන වෙඩිතැබීමට අණ දුන් SSP කීර්තිරත්න අත්අඩංගුවට …

Date:

රඹුක්කන ප්‍රදේශයේදී මහජන උද්ඝෝෂණයකට වෙඩිතැබීමට අණ දුන් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (28) රාත්‍රියේ අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අප්‍රේල් 19 වැනි දින පොලිසිය මෙම වෙඩිතැබීම සිදුකළ අතර එයින් 41 හැවිරිදි දෙදරු පියෙකු මරණයට පත්විය. තවත් තිදෙනෙකු වෙඩි ප්‍රහාරවලින් බරපතළ තුවාල ලැබූ අතර 15 හැවිරිදි සිසුවෙකු ද වෙඩි වැදුණු අය අතර වේ.

සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන්ව අත් අඩංගුවට ගන්නා ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ඊයේ දිනයේදී වන අතර අත් අඩංගුවට පත්වීමෙන් බේරීම සඳහා SSP කීර්තිරත්න නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත්ව තිබිණි.

ඒ අනුව අද ඔහුව පොලිස් රෝහලේදීම අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලයනල් මෙසීගේ වම් පාදය ඩොලර් මිලියන 900ක් වටින බව ඔබ දන්නවාද ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආජන්ටිනාවේ...

ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම්...

D.S.

  නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට්...