ඔළුවේ බලය ලැබුණාට අපට තාම අතපය හොල්ලන්න බලය ඇවිල්ලා නෑ. ඒකට ප්‍රාදේශීය සභාත් දෙන්න – ඇමති හේවගේ

ජාතික ජන බලවේගයට තවමත් රාජ්‍ය බලය සම්පූර්ණයෙන් ලැබී නොමැති බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසයි.

“බලය අපිට ඇවිල්ලද ? බලය තාම හරියට අපිට ඇවිල්ලා නෑ. ඒ හින්දා තාම හිනාවෙන්න බෑ. බලය එන්න නම් පාර්ලිමේන්තුවේ බලය එන්න ඕනෙ, පළාත් සභාවේ බලය එන්න ඕනෙ, ජනාධිපති ඉන්න ඕනෙ, ඇමති මණ්ඩලය ඉන්න ඕනෙ. තාම අර පාර්ලිමේන්තුවේ නමැති ඔළුවේ බලය තියෙනවා. හැබැයි මේ අතපය කඳබඩ හොල්ලන්න තාම බලය නෑ. පළාත් සභා නෑ, ප්‍රාදේශීය සභා නෑ. ඉතිහාසයේ මේ බලය කවදාවත් ප්‍රභූ තන්ත්‍රයෙන්, වලව් පන්තියෙන් ඔයාලට අපිට හම්බුණෙ නෑ”

නලින් හේවගේ අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (27) පැවති ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින් ජීවමාන ප්‍රතිමාවක්: සජිත් මුල පුරයි!

සජිත් ප්‍රේමදාස මහතා විසින් සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින්...

ටාවිගෙන් තවත් ජාත්‍යන්තර රන් පදක්කමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ මේස පන්දු...

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...