මහින්දගේ පුරප්පාඩුවට ක්ලීන් ශ්‍රී ලංකා බලකායේ රසල් ?

Date:

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විශ්‍රාම යාමෙන් අනතුරුව එම තනතුර සඳහා ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් (මූල්‍ය හා ආර්ථික කටයුතු) රසල් අපොන්සු මහතා පත්කිරීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

රසල් අපොන්සු මහතා මේ වනවිට ක්ලීන් ශ්‍රී ලංකා ජනාධිපති කාර්ය සාධක බලකායේ ලේකම් සහ කැඳවුම්කරු වශයෙන් ද කටයුතු කරමින් සිටී.

මීට පෙර මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය සඳහා ජනාධිපති ජ්‍යේෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා යෝජනා වී සිටියත් ඒ මහතා එම තනතුර කාරුණිකව ප්‍රතික්ෂේප කර තිබුණු බව වාර්තා වී තිබිණි.

මහින්ද සිරිවර්ධන මහතා ලබන මාසයේදී මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතව ඇති අතර ඔහු ඉන් අනතුරුව ආසියානු සංවර්ධන බැංකුවේ ඉහළ තනතුරකට යාමට නියමිත බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය...

රෙහාන් ජයවික්‍රම සමගි ජන බලවේගයෙන් ඉවත් වෙයි

වැලිගම හිටපු නගරාධිපති, සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක...

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...