රනිල්වයි සජිත්වයි වාඩිකරවන්න වෙන්නේ මොරටුවෙන් ගත්ත පුටු දෙකක තමයි! (VIDEO)

Date:

කොළඹ LNW:ජනාධිපතිවරණයේදී මහ මැතිවරණයේදී මාලිමාවට ජන්දය නොදීපු අය මෙවර අනිවාර්ය වශයෙන් ජන්දය දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

පසුගිය මහ මැතිවරණයේදී අජිත් පෙරේරා වැනි අය පණ පිහිටුවා කියූ බොරු මේ වන විට ටොම් පචම වී තිබෙන අතර එම පච දේශපාලනය මැයි 06 වැනිදා දේශපාලනික වශයෙන්ම අවසාන වන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දැන් මහජන ආණ්ඩුවක් ගොඩනැගී තිබෙන බව ඔහු ප්‍රකාශ කරයි.

දෙසැම්බර් වන විට රනිල් වික්‍රමසිංහව සහ සජිත් ප්‍රේමදාසව ජනාධිපති කරන බවට රාජිත සේනාරත්න සහ කබීර් හෂීම් ප්‍රකාශ අකර තිබුණද ඔවුන්ව වාඩිකරවීමට වනේ මොරටුවෙන් ගත්ත පුටු දෙකක බවද නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ආණ්ඩුවක් ලෙස මාස හතරකට කර තිබෙන දේ අනුව මාස 60ක් යනවිට කොපමණ දේ ලැබේවිද යන්න ජනතාවට කලපනා කළ හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඔහු මෙම අදහස් පළකළේ බේරුවලදී පැවති පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති මහජන රැළිය අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...