තීරණාත්මක ඡන්ද විමසීම අද. කැඩෙන්නේ විපක්ෂයද ? ආණ්ඩුවද ?

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විස්තීර්ණ ණය පහසුකම ලබාගැනීම සඳහා ඇතිකරගත් එකඟතා පිළිබඳ විවාදය තුන්වැනි දිනටත් අද (28) පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

එම විවාදය අවසානයෙහි අද පස්වරුවේ ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් සිදුකිරීමට නියමිත ය.

විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක්ම මේ වනවිට මෙම එකඟතාවන්ට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව සඳහන් කර තිබේ.

කෙසේවෙතත් මෙම ඡන්ද විමසීම තීරණාත්මක වන්නේ IMF වැඩසටහන ඉදිරියට ගෙනයාම සඳහා වත්මන් ආණ්ඩුවට කොතරම් සහයෝගයක් රට තුළින් ලැබේද යන්න මෙයින් පැහැදිලිව පෙන්නුම් කෙරෙන නිසා ය. ආණ්ඩු බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනතාව අතර එතරම් ශක්තියක් නොමැති බැවින් ඉදිරි ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා විපක්ෂයේ පක්ෂවල සහාය නොලැබෙන්නේ නම් තත්වය ඉතා සංකීර්ණ වනු ඇත.

මෙම විවාදය අතරතුර හෝ ඡන්ද විමසීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එක්වනු ඇතැයි කටකතා පැතිරගොස් තිබුණ ද කැබිනට් සංශෝධනය දිගින් දිගටම කල්යන හෙයින් ඔවුන් ආණ්ඩුවට එකතු නොවන තත්වයක් නිර්මාණය වී තිබේ.

එමෙන්ම ආණ්ඩු පක්ෂය තුළ ද IMF කොන්දේසි සම්බන්ධයෙන් මත දෙකක් පවතින අතර රාජ්‍ය ආයතන පෞද්ගලීකරණ සම්බන්ධයෙන් තමන්ට එකඟ විය නොහැකිය යන්න රාජපක්ෂවරුන්ගේ මතය වී ඇත. එහෙයින් මෙතෙක් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට හිමිව තිබුණු සමස්ත ඡන්ද ප්‍රමාණය අද දිනයේදී ප්‍රකාශයට පත්වේද යන්නත් සැක සහිත ය.

ඒ අනුව විපක්ෂයෙන් පිරිසක් ආණ්ඩුවට එක්වේද, ආණ්ඩුවෙන් පිරිසක් වෙන්වේද, කිසිවක්ම සිදුනොවී සාමාන්‍ය පරිදි ආණ්ඩුවේ බහුතරය ආරක්ෂාවේද යන්න අද පස්වරුවේ දැනගැනීමට හැකිවනු ඇති.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...

2026 වසර සඳහා ජාතික විභාග 7ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : මේ වසරේ පැවැත්වෙන...