හංගේරියානු ණය ආධාර යටතේ ගුවන් පාලම් ව්‍යාපෘති අවසන් කිරීමට පියවර

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හංගේරියානු රජයේ බලධාරීන් සහ ප්‍රවාහන හා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතරවිශේෂ සාකච්ඡාවක් අමාත්‍යංශ කාර්යාලයේදී පැවැත්විණි. එහිදී හංගේරියානු රජයේ යුරෝ මිලියන 52ක ණය ආධාර යටතේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෙරෙන කොහුවල මංසන්දියේ සහ ගැටඹේ මංසන්දියේ ගුවන් පාලම් වල ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා වී ඇත .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවල සාර්ථකත්වය පිළිබඳ සලකා බලමින් දැනට තාවකාලිකව අත්හිටුවා ඇති කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් වල ඉදිකිරීම් අවසන් කිරීම පිළිබඳව මෙහිදී දෙපාර්ශවය අතර අදහස් හුවමාරු විය.

මෙහිදී හංගේරියානු නියෝජිත පිරිස අමාත්‍යරයා හමුවේ එකඟතාවයට එළඹිව ඇත්තේ, පවතින තත්වයෙහි ප්‍රමුඛතාවය පිළිබඳව සලකා බලමින් කොහුවල ගුවන් පාලම කඩිනමින් ඉදිකිරීම අවසන් කිරීමටත්, එහි දෙවන අදියර ලෙස ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් ද කඩිනමින් අවසන් කිරීමටත්ය .

හංගේරියානු රජය නියෝජනය කරමින් පැමිණි නියෝජිත පිරිස සමඟ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස් වීරකෝන් මහතා, ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...