හංගේරියානු ණය ආධාර යටතේ ගුවන් පාලම් ව්‍යාපෘති අවසන් කිරීමට පියවර

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හංගේරියානු රජයේ බලධාරීන් සහ ප්‍රවාහන හා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතරවිශේෂ සාකච්ඡාවක් අමාත්‍යංශ කාර්යාලයේදී පැවැත්විණි. එහිදී හංගේරියානු රජයේ යුරෝ මිලියන 52ක ණය ආධාර යටතේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෙරෙන කොහුවල මංසන්දියේ සහ ගැටඹේ මංසන්දියේ ගුවන් පාලම් වල ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා වී ඇත .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවල සාර්ථකත්වය පිළිබඳ සලකා බලමින් දැනට තාවකාලිකව අත්හිටුවා ඇති කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් වල ඉදිකිරීම් අවසන් කිරීම පිළිබඳව මෙහිදී දෙපාර්ශවය අතර අදහස් හුවමාරු විය.

මෙහිදී හංගේරියානු නියෝජිත පිරිස අමාත්‍යරයා හමුවේ එකඟතාවයට එළඹිව ඇත්තේ, පවතින තත්වයෙහි ප්‍රමුඛතාවය පිළිබඳව සලකා බලමින් කොහුවල ගුවන් පාලම කඩිනමින් ඉදිකිරීම අවසන් කිරීමටත්, එහි දෙවන අදියර ලෙස ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් ද කඩිනමින් අවසන් කිරීමටත්ය .

හංගේරියානු රජය නියෝජනය කරමින් පැමිණි නියෝජිත පිරිස සමඟ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස් වීරකෝන් මහතා, ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...