කොළඹ වරාය හරිත වරායක් ලෙස සංවර්ධනය කිරීමට චීනයේ සහය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 29, කොළඹ (LNW): චීනයේ ටියැංජි වරායේ සහාය යටතේ කොළඹ වරාය හරිත වරායක් ලෙස සංවර්ධනය කිරීමට අවස්ථාව හිමිව තිබෙන බව, වාර්තා වේ.

මෙම අදහස් පළකෙරුණේ, ලෝකයේ 9 වන වරාය ලෙස ශ්‍රේණිගතව සිටින ටියැංජි වරායේ සභාපති චූ බින් මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවූ අවස්ථාවේදී බව සඳහන් වේ.

ලෝකයේ දැනට ක්‍රියාත්මක වන විශාල වරායන් තුළ කාබන් ඩයොක්සයිඩ් වායුව අවම කිරීමේ ක්‍රියාවලිය හෙවත් හරිත වරායක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් සිටින අතර, කාර්මීකරණයෙන් හා වරාය මෙහෙයුම්වලින් ඉහළම ස්ථානයක සිටින කාර්ය බහුල වරායන් හිමි චීනය සිය හරිත වරාය සංකල්පය ක්‍රියාත්මක කිරීමේදී ලබාගත් අත්දැකීම් මිතුරු රටවල් අතර බෙදාගැනීමේ පියවරක් ලෙස මෙම සහාය ලබාදී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...