*
Tuesday, May 21, 2024
spot_img

Latest Posts

විපක්ෂ නායක සජිත්ගේ “සක්වල” ස්මාර්ට් පන්ති කාමර පරිත්‍යාගය ලක්ෂ 1800 ඉක්මවයි !

පාසල් උත්සවයක තමා මිත්‍රවරුනි යනුවෙන් ආමන්ත්‍රණය කළ බවත් මේ දුවාදරුවන් පවා හතුරන් නොව මිතුරන් බවත් මිත්‍රත්වයේ හස්තය දිගු කරණ බවත් එය තමන්ට වාසි ලබා ගන්නා හස්තයක් නොව දුදරුවන්ට සදාකාලික සම්පතක් වන අධ්‍යාපනයේ අර්ථය ලබා දෙන වචනයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමා දරුවන්ට මිත්‍රයිනේ කියු ව්ට එක් පුද්ගලයෙක් එය විවේදනය කළ බවත් ඔවුන් වගේ දරුවන් සතුරන් ලෙස දකිමින් පාසල් ගිනි තියමින් තමා කටයුතු නොකළ නිසා දරුවන්ටද මිත්‍රත්වයේ දෑත් දිගු කළ බවත් තමාට සතුරු යන වචනය පුරුදු නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කවුරු කොපමණ වයසින් වැඩි හෝ අඩු වුවත් ජාති ආගම් පන්ති පක්ෂ කුල මල⁣ භේදයකින් ⁣තොරව මිත්‍රයින් බවත් ලක්ෂ 220ම තමාගේ මිත්‍රයින් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 166 වැනි අදියර යටතේ ගම්පහ අත්තනගල්ල ඌරාපොළ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසලේ අමතර වියදම් වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

සිංහල පමණයි දමිල පමණයි කිය කිය එකතු කරන්නේ දරුවන්ට යමක් දිමට නොව තම ඡන්ද මල්ල ගොඩ දමා ගැනීමට බවත් මේ මුසාවට නොරැවටෙන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

බොරු අන්තවාමවාදි දේශපාලනය පෙරටු කරගෙන පාසල් හා විශ්වවිද්‍යාල, පුස්තකාල, විද්‍යාගාර ගිනිතියන යුගයක් තිබු බවත් එම යුගය නැවතත් අවශ්‍ය නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 166 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1820ක් වැය කර තිබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan