40 කණ්ඩායම කරන්නෙත් නාඩගමක්.ඔවුන්ටත් ඕනේ මොනවිදිහෙන් හරි රාජපක්ෂවරු ආරක්ෂා කරගන්න! (VIDEO)

ආණ්ඩුව තුළ ස්වාධීන වී සිටින 40 කණ්ඩායමේ හතර බීරි කතාව ජනතාව වටහා ගත යුතු අතර එය නාඩගමක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

ඒ, අද (29) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එම කල්ලියට අවශ්‍ය වී ඇත්තේද ඔවුන්ගේ දේශපාලන සුරක්ෂිතභාවය වෙනුවෙන් රාජපක්ෂවරු කුමන හෝ ආකාරයකින් ආරක්ෂා කර ගැනීම බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

අද පවතින තත්ත්වයට රට පත්වීමට එම 40 කණ්ඩායමද වගකිව යුතු වන බවත් ඔවුන් සිටින ආණ්ඩුවකින් තවදුරටත් සිදුවන්නේ රටට අහේනියක් බවද හෙතෙම අවධාරණය කළේය.

”සර්ව පාක්ෂිකයි කියල හදන්න හදන ආණ්ඩුවේ ඉන්න හදන්නේ කවුද? රටත් කාලා පක්ෂයත් කාපු නායකයෝනේ ඉන්න හදන්නේ. දැන් අපි දන්නවා IMF මේ රටට ගෙන්න උත්සාහයක යෙදෙන එක ගැන අපි සතුටක් දරනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා පහුගිය යහපාලන ආණ්ඩුව කාලේ මොනවද කළේ. ඒ කාලේ වෙච්ච වැරදි වලට දඬුවම් ලැබුණද? නැහැ. ඒ නිසා යහපාලන කාලේ දීර්ඝ කාලීන හොරු ටික එකතු වෙලා රට ගැන හිතනවා කියල පපුවට ගහගෙන පොළව ඉඹගෙන රට නැවත නන්නත්තාර කරන්න තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියන පොදුජන පෙරමුණේ කියන කදවුර මේ උත්සහයක යෙදෙන්නේ. මම හිතනවා මේ 225 කැමැත්ත එපා වීම නිවැරදි කරගන්න නම් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී කථානායකතුමනි, සර්ව පාක්ෂික එකඟතාවත් එක්ක යන ආණ්ඩුවේ ගෝඨාභය රාජපක්ෂ දැන් පැත්තකින් තියමු. පඹයෙක් කියල රටේ ජනතාව දන්නවා. මහින්ද රාජපක්ෂ මහත්තයා පැත්තකින් තියමු. එතුමා දැන් වයසයි. පව් සමාජය කියන නම් මම කියන්න කැමති නැහැ. ඒ දෙන්න පැත්තක තියල පාර්ලිමේන්තුව තුළ බලය පාවිච්චි කරලා රටේ ආර්ථික ප්‍රශ්නත් සමාජීය ප්‍රශ්න විසඳන්නත් පුළුවන් සාධාරණ නීති පද්ධතිය ඉස්සෙල්ලා සම්මත කර ගමු.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොත්මලේ වාන් දොරටු විවෘත කිරීමට පෙර මහවැලි අධිකාරියෙන් දැනුම් දීමක්!

කොළඹ LNW:පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ කොත්මලේ...

චීන ආයෝජන සීමා පුළුල් කිරීමට ඇමරිකාව ගත් තීරණයට චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:විදෙස් ආයෝජන සඳහා වන සීමා කිරීම් පුළුල් කිරීමට...

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...