අනේ ස’ එහෙම නම් කරන්න එපා, උදේ ඉඳලා වයිෆුත් කන්නෑ … ?

රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා සම්බන්ධයෙන් අපූරු කටකතාවක් අද උදෑසන සිට දේශපාලන ක්ෂේත්‍රය තුළ පැතිර යමින් තිබේ.

ඒ, මෙසේය –


සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා සියලුම පක්ෂවලට ආරාධනා කර තිබිණි. එම ආරාධනාව සම්බන්ධයෙන් කොන්දේසි පනවමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ උදෑසන මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ තමන් මෙම සාකච්ඡාව සඳහා පැමිණීමට නම් ඊට පෙර තම පක්ෂයේ සිට ආණ්ඩුවට එකතු වී ඇමතිකම් ලබාගෙන සිටින ශාන්ත බණ්ඩාර මහතා සහ සුරේන් රාඝවන් මහතා ඇමති තනතුරුවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළයුතු බවකි.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොතිබිණි. කෙසේවෙතත් මේ කතාව දේශපාලන ක්ෂේත්‍රය තුළ උණුසුම්ව පැතිර යන අතරේ සවස් භාගයෙහි ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

“අනේ ස’ එහෙම නම් කරන්න එපා. ඇමතිකම නැතිවෙයි කියලා බයේ වෆියුත් උදේ ඉඳන් කාලා නෑ. එයා නොකා ඉන්නකොට මට කන්නත් නෑ. ඒ නිසා මගේ ඇමතිකම නැති කරන්න නම් එපා ස’. එයාලාට ඕනෙම නම් වෙනම ඇවිත් සාකච්ඡාවක් කරගන්න කියන්න, මගේ ඇමතිකම නම් අයින් කරන්න එපා ස’ …..”

යනාදී යාදින්නක් ශාන්ත බණ්ඩාර මහතාගේ කටහඬින් දුරකථනය ඔස්සේ කියැවී ඇති බව සඳහන්.


මෙය හුදෙක් කට කතාවක් පමණක් වන අතර මෙහි සත්‍ය අසත්‍යතාවය අප දන්නේ නැත. මෙවැන්නක් සිදු නොවුණු බවට මාධ්‍ය හමුවක් පවත්වා ශාන්ත බණ්ඩාර මහතා කරුණු පැහැදිලි කිරීමක් කරන්නේ නම් එයත් පළකර දීමට අප සූදානම් ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...