ගෝඨාභය සහ මහින්ද කියන්නේ අලි සබ්‍රිගේ වහල්ලු – ඕමල්පේ සෝභිත හිමිගෙන් සැර කතාවක් (VIDEO)

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ අලි සබ්‍රි ඇමතිවරයාගේ වහල්ලු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ අවධාරණය කළහ.

ඒ,අද (29) බහුජන සංවිධාන හා සිවිල් ක්‍රියාකාරීන්ගේ එකමුතුව විසින් කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

අලි සබ්‍රි වැනි එක් පුද්ගලයෙක් වටේ රජය පාලනය ගැන බරපතල තීන්දු ගැනීම සීමා කර ඇත්තේ රාජපක්ෂ පවුලේ ප්‍රශ්න විසඳීම අලි සබ්‍රි විසින් භාර ගැනීම නිසාද යන්න උන්වහන්සේ විමසා සිටියහ.

එක් පුද්ගලයෙක් වටා සමස්ත ශ්‍රී ලංකාවේ ආර්ථික බලය මෙන්ම අධිකරණ බලය ගොණු කිරීම ගැන සියලුම දෙනා ලැජ්ජාවට පත්විය යුතු බවයි උන්වහන්සේ කියා සිටියේ.

මෙලෙස එක් පුද්ගලයෙක් වටා එලෙස බලය තබා ඇත්තේ කප්පමක් වශයෙන් ද යන්න පිළිබඳව ද යන්න තමන වහන්සේ ප්‍රශ්න කර සිටින බවයි උන්වහන්සේ සඳහන් කළේ.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මහත් සාඩම්බරයෙන් තමන්ව බලයට පත්කළ සිංහල බෞද්ධ බලවේගය ගැන කතා කළද රට වැටී තිබෙන අස්ථාවර භාවයෙන් මිදීම සඳහා මහනා හිමිවරු කර තිබෙන යෝජනා ගැන කිසිදු සැලකිල්ලක් දක්වා නොමැති බවද සොභිත හිමියෝ සඳහන් කළහ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tik Tok ගැන යුරෝපයෙන් අලුත් තීරණයක්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:TikTok සමාජ මාධ්‍ය වේදිකාව, වයස අවුරුදු 13ට...

Kohli සහ Anushka ගේ සිහින විමානෙන් එහා ලෝකයට…

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රසිද්ධ ක්‍රිකට්...

රාජු බණ්ඩාර: සංගීතඥයෙකු, ගායකයෙකු සහ නළුවෙකු වූ සුප්‍රකට වාදකයාගේ අප්‍රකට තොරතුරු

"ඔහුට තිබුණා ගායකයෙකුට පිහිටන දුර්ලභ විශේෂත්වයක්. ඒ, අව්‍යාජ ළයාන්විත...

Deadpool, Loki සහ Thor වැනි මාර්වල් ලෝකයේ තවත් වීරයන් ඇතුළත් 2026 Avengers නිල පෝස්ටරය Marvel Studios එලිදක්වයි!

සටහන – පුලී ජනවාරි 17, කොළඹ (LNW): මාර්වල් ස්ටූඩියෝස් 2026...