LOLC “ඔබයි මමයි අපේ රටයි” ව්‍යාපෘතියෙන් දින 45ක් තුළ පාසල් 200ක් ප්‍රතිසංස්කරණය කෙරේ

LOLC Holdings PLC හි, දිවි සවිය “ ඔබයි මමයි අපේ රටයි ” ව්‍යාපෘතිය යටතේ සිදුකළ විශිෂ්ඨ ප්‍රජා සත්කාර මෙහෙවර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඇගයීමට ලක් කර තිබේ.

අදාළ ව්‍යාපෘතිය යටතේ දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ පාසල් 200ක් දින 45ක් තුළ සාර්ථකව ප්‍රතිසංස්කරණය කළ බවයි LOLC Holdings PLC සඳහන් කළේ.

ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති ඇගයීම් උත්සවයේදී LOLC සමූහ කළමණාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතා අග්‍රාමාත්‍ය, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවේ එම ව්‍යාපෘතිය යටතේ සිදුකළ මෙහෙවර සම්බන්ධයෙන් දැනුවත් කර ඇත.

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් පීඩාවට පත් ජනතාව සහ පාසල් වෙනුවෙන් රුපියල් මිලියන 500 ඉක්මවන පිරිවැයක් යටතේ පළමු අදියර ලෙස දිස්ත්‍රික්ක හයක් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 69 ක් පුරා LOLC දිවි සවිය “ ඔබයි මමයි අපේ රටයි ” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණු අතර ඒ යටතේ අත්‍යවශ්‍ය සහන පැකේජ බෙදා දෙන ලදී.

එහි දෙවැනි අදියර යටතේ මෙලෙස දින 45ක් තුළ පාසල් 200 ක් ප්‍රතිසංස්කරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ විශාලතම ආයතනික නායකත්වයෙන් යුත් මානුෂීය මුලපිරීම්වලින් එකක් බවට පත්ව ඇති LOLC දිවි සවිය යටතේ ඉදිරියේදීත් තවත් ප්‍රජා සත්කාර වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි LOLC Holdings PLC පැවසුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට තවත් සුළි කුණාටුවක අවදානමක්; දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : සතියක් ඇතුළත...

හම්බන්තොට වරාය විරෝධතා නඩුවේ සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: හම්බන්තොට ජාත්‍යන්තර වරාය විකිණීමට...

කාන්තාවන්ට දැනුවත් වෙන්න ජාත්‍යන්තර ප්‍රතිපත්ති කිහිපයක් දැන් සිංහල සහ දමිළ බසින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: පසුගිය (31) දිනට යෙදුණු...

36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: "බෝ නොවන රෝගවලින් තරුණ...