මැතිවරණය ලං වන විට දිසානායක ආණ්ඩුව ජනතාව රවටයි: විපක්ෂ නායකගෙන් චෝදනා

Date:

කොළඹ LNW: ජනතාව සමඟ සිදුකරන සන්නිවේදනයන් වලදී ජනපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රජය වංක ලෙස කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.

ඊයේ (28) දින පැවති මැතිවරණ රැළියක් අමතමින් විපක්ෂ නායකවරයා අවධාරණය කර සිටියේ, ජනාධිපතිවරයා ද ඇතුළු ව රජයේ ඉහළම තනතුරු දරන පුද්ගලයන් විසින් සාවද්‍ය ප්‍රකාශ සිදුකරමින් සිටින බවයි.

එක්සත් ජනපදය විසින් මෑත දින පැනවූ බදු සම්බන්ධයෙන් සාකච්ඡා කොට එක්සත් ජනපද රජය සහ ශ්‍රී ලංකා රජය විසින් ඒකාබද්ධව ප්‍රකාශයක් නිකුත් කරන බවට ජනාධිපතිවරයා පවසා සිටිය ද, මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ රජය විසින් පමණක් බවත්, රජය ජනතාව නොමඟ යවන බවට ආසන්නතම සාක්ෂිය මෙය බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියි.

විපක්ෂ නායකවරයා ගේ මෙම අදහස් පළකළේ රජයේ ආර්ථික ප්‍රතිපත්ති සහ රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයන් සම්බන්ධයෙන් මහජනතාව අතර අවිශ්වාසය ගොඩනැඟෙමින් තිබෙන මොහොතක ය.

බොහෝ ස්වාධීන විශ්ලේෂකයන් විසින් පෙන්වා දෙන අන්දමට, මහජනතාව ඉදිරියේ රජය විසින් නිකුත් කරන ප්‍රකාශ සහ තහවුරු කරන ලද ප්‍රතිඵල අතර බොහෝ නොගැළපීම් තිබෙන අතර, මෙය බහුලවම නිරීක්ෂණයකළ හැකි යන්නේ ජාත්‍යන්තර සාකච්ඡාවලදී ය.

ආණ්ඩුවේ උගුලට තුන්වන වරටත් හසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි විපක්ෂ නායකවරයා, දැනටමත් වත්මන් රජය විසින් ජනතාව දෙවරක් රවටා ඇති බවට චෝදනා කර සිටියි.

එසේ පැවසූ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා එළඹෙන මැතිවරණයේ ජය සමඟි ජන බලවේගය සතුවන බවට සහතික බව ද අවධාරණය කළේය.

එළඹෙන මැයි 06 වන දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ඉලක්කකර ගනිමින් මෙම ජන රැළිය සංවිධානය කර තිබූ අතර, විශාල පිරිසක් ඊට සහභාගී වී සිටියහ.

වත්මන් රජය බලයට පත්වූ දිනයේ සිට මේ දක්වා සිදුකර ඇති දෙය සඳහා ලබා දෙන ජන වරම එළඹෙන මැතිවරණයේ දී නිරීක්ෂණයවනු ඇති බව ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

රජයේ විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් ප්‍රේමදාස මහතා දරන ස්ථාවරය, ආර්ථික අභියෝග සහ බොරු පොරොන්දු හමුවේ මුලා වී සිටින ජනතා මතය සමඟ වැඩි වශයෙන් ගැළපෙන බව දේශපාලන විචාරකයන්ගේ අදහස යි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...