යාපනයට සහ කොළඹට වැට – අලුත් කෙනෙකුට ඉඩ

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 29, කොළඹ LNW:

ආරම්භයේදී ඇති කරගත් ගිවිසුම් යටතේ නියම කර ඇති පරිදි අදාළ ෆ්‍රැන්චයිස් ඔවුන්ගේ ගිවිසුම්ගත බැඳීම් ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන්, ලංකා ප්‍රිමියර් ලීගයේ (LPL) හිමිකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), LPL තරඟාවලියේ ඉසව් අයිතිය හිමියා වන IPG සමූහය සමඟ එක්ව, කොළඹ ස්ට්‍රයිකර්ස් සහ ජැෆ්නා කිංග්ස් හි ෆ්‍රැන්චයිස් හවුල්කාරිත්වය අවසන් කර ඇති බව නිල වශයෙන් නිවේදනය කරයි.
ඉහත සඳහන් කරුණු හේතුවෙන්, ඉදිරියේදී පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ නව හිමිකාරිත්වය යටතේ කොළඹ සහ යාපනය නියෝජනය කරන ෆ්‍රැන්චයිස් තරග කරන්නට නියමිතය. LPL ඉසව් අයිතිවාසිකම් හිමිකරු ලෙස, ෆ්‍රැන්චයිස් කණ්ඩායම් කෙරෙහි සුවිශේෂී අයිතිවාසිකම් IPG සමූහය සතුව ඇති අතර, ඒ අනුව, එම ෆ්‍රැන්චයිස් වල හිමිකාරිත්වය පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට පැවරීමේ බලය හිමිවී ඇත්තේ IPG සමූහයටය.
ශ්‍රී ලංකා ක්‍රිකට් සහ IPG සමූහය ලංකා ප්‍රිමියර් ලීගයේ අඛණ්ඩතාව, ප්‍රමිතීන් සහ සාර්ථකත්වය ආරක්ෂා කිරීමට කැපවී සිටින අතර ඒ් අනුව නව හිමිකාරීත්වයක් යටතේ යාපනය සහ කොළඹ කණ්ඩායම් මෙවර එල්පීඑල් තරගාවලිය දකින්නට හැකි වෙනු ඇත.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නින්දක් නැතිව වැඩ කරන ජපානයේ නව අගමැතිනිය අලුයම 3ටත් සාකච්ජා කැඳවයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ නව...

මාලිමාවට බලය හිමි පදියතලාව ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි !

ජාතික ජන බලවේගයට බලය හිමි පදියතලාව ප්‍රාදේශිය සභාවේ අයවැයත්...

පාඩුයි පාඩුයි පාඩුයි – මරික්කාර්ට ඔක්කොම පාඩුයි!

කොළඹ LNW:පසුගිය වසරේ ලාභ ඉපයූ රජයේ සමාගම් මේ වසරේදී...

ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව න්‍යෂ්ටික සබ්මැරීන නිශ්පාදනයෙන් ‘ඉදිරියට යාමට’ සූදානම්….

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක...