කොළඹ LNW:චීනය බෝයිං ගුවන් යානා නැවත හරවා එවා ඇති බවට බෝයිං ගුවන් සමාගමේ අධ්‍යක්ෂවරයා පසුගිය දා ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් අද(29) චීන වාණිජ අමාත්‍යංශය පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.
චීන වාණිජ අමාත්‍යංශය සඳහන් කර සිටින්නේ චීනයට එවන ලද බෝයිං සමාගමේ ගුවන් යානා නැවත ඇමරිකාවට යොමු කළ බවයි. ඇමරිකාවේ නව තීරුබදු ප්‍රතිපත්ති ගෝලීය කාර්මික දාමයේ සහ සැපයුම් දාමයේ ස්ථාවරත්වයට දැඩි ලෙස බලපා ඇති බවත්, එමගින් ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සේවා වෙළඳපොළ කඩාකප්පල් කර ඇති බවත් චීනය පවසනවා.
මෙම තීරුබදු පියවර බොහෝ සමාගම්වල සාමාන්‍ය වෙළඳ හා ආයෝජන කටයුතුවලට බාධා එල්ල කළ බව ද චීනය සඳහන් කරනවා. චීනයේ අදාළ ගුවන් සමාගම්වලට සහ ඇමරිකාවේ බෝයිං සමාගමට ද ඉන් විශාල හානි සිදු වී ඇති බවයි චීන වාණිජ අමාත්‍යංශය පවසන්නේ.
දෙරට ව්‍යවසායන් අතර සාමාන්‍ය ව්‍යාපාරික සහයෝගීතාවයට අඛණ්ඩව සහාය දීමට චීනය කැමැත්තෙන් සිටින බවත්, ඇමරිකාවට සිය ව්‍යවසායන්ගේ අවශ්‍යතා සලකා බලමින් සාමාන්‍ය වෙළඳ හා ආයෝජන කටයුතු සඳහා යහපත් පරිසරයක් නිර්මාණය කිරීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද චීන වාණිජ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
දිනූෂි ධීරසිංහ
