මින් ඉදිරියට කැබිනට් මාධ්‍ය හමුව රජයේ මාධ්‍ය හැඳුනුම්පත සහිත මාධ්‍යවේදීන්ට පමණයි ! – ඇමති නලින්ද

සටහන – රුවන් නෙළුගොල්ල

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති මාධ්‍ය හැඳුනුම්පත සහිත මාධ්‍යවේදීන්ට පමණක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා සඳහන් කළේ වඩාත් විධිමත් ආකාරයෙන් කැබිනට් මාධ්‍ය හමුව පවත්වාගෙන යාමේ අරමුණින් යුතුව මෙම තීරණය ගෙන ඇති බවයි.

එසේම අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමටත් කැබිනට් පත්‍රිකා මත පදනම් වූ ප්‍රශ්න සහ අත්‍යාවශ්‍ය ප්‍රශ්න කිහිපයක් සඳහා පමණක් පිළිතුරු දීමට තමන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස මෙම මාධ්‍ය හමුව සඳහා පැමිණෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසුවේ අද (අප්‍රේල් 29) පැවති කැබිනට් මාධ්‍ය හමුව අවසානයේදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලලිත් – කුගන් අතුරුදන් කිරීමේ නඩුව : බොහෝ කරුණු ගෝඨාට අමතක වෙලා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : කාලය ගතවීමත් සමඟ...

“සමාජ මාධ්‍ය වෙත මුදාහැරෙන දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ සම්බන්ධයෙන් සැළකිළිමත් වන්න”

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා මුදල් ඉපයීමේ මූල්‍ය ප්‍රතිපත්තිය...

බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය !

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : බේස්ලයින් මාර්ගය දීර්ඝ...

පොහොට්ටුවේ පාලක ලේකම් රේණුක පෙරේරා ඇප මත නිදහස්

අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...