විපක්ෂය දැන් මන්ද මානසික තත්ත්වයට වැටිලා.10ක් 15 එකතු වෙලා ආණ්ඩුවක් පෙරළන්න හදනවා – ආණ්ඩුවට බාධා කරන අයට ටිල්වින්ගෙන් පණිවිඩයක් (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:විපක්ෂය විසින් ජනතාව නොමඟ යැවීම උත්සහ දරන මොහොතක,ආණ්ඩුවේ කටයුතුවලට බාධා කරමින් සිටිනා මොහොතක ජනතාවගේ බලය ඇත්තේ කොතැනකද, ජනතාවගේ කැමැත්ත ඇත්තේ කොතැනද, ජන වරම ඇත්තේ කොතනද, යන්න නිවැරදි ලෙස ලෝකයට මෙන්ම රටට පැහැදිලි කළ යුතුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අද (29) පැලවත්ත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

පසුගිය කාලයේ දිට්වා වැනි දරුණු ස්වභාවික ආපදාවකදී ආණ්ඩුව කෙතරම් හොඳින් එම කටයුතු සිදුකළේද යන්න ජනතාව දන්නා අතර මෑතකදී ඇති වූ මැදපෙරදිග යුද්ධය සමඟ ලොව රටවල් ඉන්ධන පිරවුම්හල් වසා දැමූ තත්ත්වයක ලංකා රජය එය ඉතා ඉක්මණින් කළමනාකරණය කරගැනීමට සමත් වූ බව ද ඔහු සඳහන් කළේය.

එසේම ජනතාවට සහන දීමට හැකි වුයේ වංචා, දුෂණ නතර කර ආර්ථිකය ස්ථාවර කර බදු මුදල් එකතු කිරීම ආදිය නිසි පිළිවෙලට සිදු කිරීම නිසා බවද ටිල්වින් සිල්වා පවසන ලදී.

කෙසේහෝ විපක්ෂයට දැන් දේශපාලනය නොතේරෙන තත්ත්වයට පත්ව ඇති බවයි ඔහු කියාසිටියේ.

”ගෝඨාභය රාජපක්ෂව අරගලයකින් පලවාහැරියට පස්සේ ඔවුන් හිතනවා ඕන වෙලාවක පස් හය දෙනෙක්ට එකතුවෙලා අරගලයක් කරලා ආණ්ඩුවක් එලවන්න පුළුවන් කියල. 10ක් 15ක් ගෙයක් ඉස්සරහ කෑගහුවම ඇමතිවරයෙක් ඉල්ලා අස්වෙයි කියල තිතනවා වගේ ජාතියේ මන්ද මානසික කට්ටියක් තමයි දැන් ඔය විපක්ෂෙට වෙලා ඉන්නේ. ඒ නිසා අපේ රටේ ජනතාව ඒගොල්ලන්ට පෙන්වමින් ඉන්නවා ඒගොල්ලන්ගේ මන්ද මානසික හැසිරීමට අපේ රටේ ජනතාව රැවටෙන්නෙත් නෑ. ඒකට ඉඩ දෙන්නෙත් නෑ කියල. බංකොලොත් වෙච්ච රටක ආණ්ඩුවක් අරගෙන ආර්ථිකය ස්ථාවර කරමින් ජනතාවට සහන දෙමින් ලංකාව ලෝකය ඉස්සරහ ගෞරවාන්විත තැනක තබමින් රට ගොඩනගමින් යනකොට ඒකට බාධා කරමින් නැවත අර පරණ පුරුදු මජර දේශපාලනය ගේන්න විපක්ෂ කණ්ඩායම් උත්සහ කරමින් ඉන්නවා එම උත්සාහය පරාජයට පත් කළ යුතුව තිබෙනවා . ඒ වෙනුවෙන් මෙවර මැයි දිනය යොදාගත යුතුයි. අපි මෙවර මැයි දින තේමාව ලෙස ජනරජයට ජන බලයක් තේමාව යොදාගත්තා.” යනුවෙන් ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...