සටහන – පුලී
අප්‍රේල් 29, LNW (කොළඹ): ඉන්දියාවේ වඩාත්ම කීර්තිමත් ඡායාරූප මාධ්‍යවේදියෙකු වන රඝු රායි වයස අවුරුදු 83 දී පමණ සිය ජීවිතයට සමුදුන් පසු, ඔහුට උපහාර දැක්වීම දිගින් දිගටම තවමත් සිද්ධ වෙන කරුණකි.
දේශපාලන බලයේ සිට එදිනෙදා ජීවිතය දක්වා වූ අවස්ථා කැපී පෙනෙන පැහැදිලි බවකින් ග්‍රහණය කර ගනිමින්, රායි දශක පහකට වැඩි කාලයක් තම රට ඡායාරූපකරණයෙන් ඉහළින්ම තැබුවේය.
Raghu Rai/The India Today Group via Getty ImagesRaghu Rai’s photo of Indira Gandhi meeting people during an election campaign in 1977
මධ්‍යම ඉන්දියාවේ බෝපාල්හි ගෑස් ඛේදවාචකයෙන් පසු සිදුවීම්වල සිට 1980 ගණන්වල දහස් ගණනක් ඝාතනය කළ උතුරු ඉන්දියාවේ පන්ජාබ්හි සටන්කාමී දින වකවානු දක්වා, රායිගේ ඡායාරූප ඉන්දියාව එහි වඩාත්ම තීරණාත්මක සිදුවීම් දුටු ආකාරය හැඩගස්වා තිබිණි.
ඔහුගේ මෙම නිර්මාණයන් ඉතිහාසය වාර්තා කිරීම පමණක් නොව, ජාතියක් එය දකින ආකාරය මනාව පෙන්නයි.
එය නූතන ඉන්දියානු ඡායාරූප පුවත්පත් කලාව නිර්වචනය කිරීමට උපකාරී වූ අතර, ගෝලීය පිළිගැනීමක් ලබා ගනිමින් පරම්පරා ගණනාවක ඡායාරූප ශිල්පීන්ට රට වෙනුවෙන් යම් අරමුණක් ලබා දීය.
රායි 1966 දී ද ස්ටේට්ස්මන් පුවත්පතෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර පසුව ඉන්ඩියා ටුඩේ සහ සන්ඩේ සඟරාවල ඡායාරූප සංස්කාරක ලෙස සේවය කළේය.
ඔහු 1977 දී ගෝලීය වශයෙන් පිළිගත් ඡායාරූපකරණ ආයතනයක් වන මැග්නම් ෆොටෝස් සමඟ සම්බන්ධ විය. එය බොහෝ විට ඡායාරූපකරණයේ ඉහළම පිළිගැනීමක් ලෙස ද සැලකේ.
Raghu Rai / The India Today Group via Getty ImagesRaghu Rai’s photo of Indira Gandhi attending a meeting of the Congress party in
ප්‍රවීණ පසුබිම් ගායිකා ලතා මංගේෂ්කාර්, චිත්‍රපට නිෂ්පාදක සත්‍යජිත් රායි, චිත්‍ර ශිල්පී එම්.එෆ්. හුසේන්, බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් සහ තවත් අය වැනි කීර්තිමත් පුද්ගලයින්ගේ රායිගේ නෙත ගැටුණු ඡායාරූප බොහෝ විට කලාව සහ ප්‍රේක්ෂකයින් අතර භක්තියේ හැඟීමක් ග්‍රහණය කර දීමට සමත් විය.
Raghu Rai/The India Today Group via Getty ImagesRai’s photograph of veteran singer Lata Mangeshkar performing at an event in 1981
1980 ගණන්වල පන්ජාබ්හි සටන්කාමීත්වය පැවති වසරවලදී රායිගේ නිර්මාණ අතර සික් බෙදුම්වාදී නායක ජර්නයිල් සිං බින්ද්‍රන්වාලේගේ ඡායාරුව ආතතියෙන් හා ප්‍රතිවිපාකවලින් පිරුණු මොහොතක් ලෙස එකළ ග්‍රහණය කර ගැනීමට හැකි විය.
Raghu Rai/The India Today Group via Getty ImagesRai’s photo of Indira Gandhi visiting UK Prime Minister Margaret Thatcher in London
Raghu Rai / The India Today Group via Getty ImagesRai’s portrait of Sikh separatist leader Jarnail Singh Bhindranwale

