කටාන ප්රාදේශීය සභාවේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු උප සභාපති පීටර් හපුආරච්චි මහතාගේ මළ සිරුර ඔහුට අයත් පොල් වත්තක තිබී ඊයේ (28) හමුවූ බව පොලීසිය පවසයි.
අක්කර සියයක පමණ වන මෙම පොල්වත්තේ මඩුවක් අසල තිබී ඔහුගේ මළ සිරුර හමුවී ඇති අතර ඔහුගේ දෑත් පිටුපසට කර බැඳතබා තිබී ඇත.
මේ අතර අදාළ පොල්වත්තේ සේවය කළ මුරකරු සහ ඔහුගේ බිරිඳ ප්රදේශයෙන් පළාගොස් ඇති බවත් වාර්තා විය.
මෙම ඝාතනයක් විය හැකි බවට පොලීසිය සැකකරන අතර වැඩිදුර විමර්ශන ක්රියාත්මක කෙරේ.
RN