බිත්තර මිල පිළිබඳ නැවතත් අවධානය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): බිත්තර සඳහා ලබා දී ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

බිත්තර නිෂ්පාදකයින් සහ කුකුළු කර්මාන්තකරුවන් හා බලධාරීන් අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමුව ඇති අතර , මෙම සාකච්ඡාව ජනාධිපති ලේකම්, කාෂිකර්ම සහ වෙළෙඳ යන අමාත්‍යාංශවල ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත .

වර්තමානයේ කුකුළු මස් සහ බිත්තර කර්මාන්තයේ පවතින ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර , බිත්තර සඳහා ලබා දී ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට පියවර ගතහොත් දින 15 ක් ඇතුළත වෙළෙඳපොළ තුළ පවතින බිත්තර හිඟය නැති කළ හැකි බව කර්මාන්තකරුවන් පවසා ඇත . උපරිම සිල්ලර මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

III චාල්ස් රජු ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනට සුබ පැතුම් එක්කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : 78 වන නිදහස්...

වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් පෙළපාළි යති..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු හමුදා විසින්...

ලෝකය විනිශ්චය කරන්න යන ‘රාජා‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: රවින්ද්‍ර විමලසිරි මෙවර ලෝක...

පැනමා ඇලේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් කරා…

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැනමා ඇල මාර්ගයේ...