*
Friday, April 26, 2024
spot_img

Latest Posts

137 වැනි කම්කරු දිනය සැමරීමට සියල්ල සූදානම්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මැයි පළමු වැනි දිනය වර්ෂ 1889දී ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ලොව පුරා බොහෝ රටවල් වාර්ෂිකව පෙළපාළි, රැලි සහ විවිධ උත්සව සංවිධානය කරමින් ලෝක කම්කරු දිනය සමරන අතර ශ්‍රී ලංකාවේ කම්කරු ජනතාවද 1933 සිට සිය කම්කරු දින සැමරුම සිදු කරයි.

ඒ අනුව 137 වන මැයි දින සැමරුම මෙරට දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති සමාගම්වල මැයි දින සැමරීමට සූදානමින් සිටී.

සමඟි ජනබලවේගය එහි වෘත්තීය සමිති පෙරටු කරගෙන පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි රැලිය සවස 3.00ට පිටකොටුව ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර, එහි පෙළපාළිය මාළිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩංගණය අසලින් දහවල් 1.00ට ආරම්භ කෙරෙනු ඇත.

එක්සත් ජාතික පක්ෂය ‘ජය ගමු‘ තේමාව ඔස්සේ සිය මැයි දින රැලිය ජාතික සේවක සංගමය මුල් කරගෙන තරුණ පෙරමුණ හා ලක්වනිතා පෙරමුණ ඇතුළු පක්ෂයට සම්බන්ධ සියලු බහුජන සංවිධාන එක්කර ගනිමින් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පෙරවරු 10.00ට පැවැත්වීමට සැරසෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ‘අභියෝග බිඳ අභිලාෂ ජය ගමු‘ මැයෙන් මැයි රැලිය සිය වෘත්තීය සමිතිවල සභභාගිවයෙන් කොළඹ බොරැල්ල කැම්බල් පිටියේදී සවස 2.00ට ඇරඹීමට අපේක්ෂා කරයි.

ජනතා විමුක්ති පෙරමුණ සිය මැයි රැලිය ‘රට විකුණන, ජනපීඩක දූෂිත පාලනය පරදා ජනතාවාදි පාලනයක් ගොඩනඟමු‘ තේමාවෙන් කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසලදී එම පක්ෂයට සම්බන්ධ සියලු වෘත්තීය සමිති, තරුණ හා කාන්තා සමිති එක්ව මැයි රැලිය සවස 4.00ට පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර, පෙළපාළිය සවස 2.00ට හැව්ලොක්ටවුන් බී.ආර්.සි ක්‍රීඩංගණය අසලින් ආරම්භ කෙරේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ‘නිවහල් වෙමු සවිමත් වෙමු‘ තේමාවෙන් සිය වෘත්තීය සමිති සමඟ එක්ව මැයි රැලිය මහනුවර පොදු වෙළෙඳපොළ ඉදිරිපිට සවස 1.00ට පවත්වයි. ‘දැයේ උන්නතියට කැ පවුණු වැඩකරනජනතාවගේ මැයි රැලිය‘ ලෙස මෙය හඳුන්වා ඇත.

පෙරටුගාමි සමාජවාදි පක්ෂය සිය වෘත්තීය සමිති වන කම්කරු අරගල මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් මැයි රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංඟපීඨයේදි සවස සවස 3.00ට පවත්වයි. මැයි පෙළපාළිය සවස 1.00ට දෙල්කඳ මංසන්දියෙන් ආරම්භ කරනු ඇත. මෙම මැයි රැලියේ තේමාව වී ඇත්තේ ‘අයි.එම්.එෆ්. මර උගුලට, ඉන්දියන් අමෙරිකා යටත්විජිතකරණයට එරෙහිව වැඩකරන ජනතා බලයක්‘යනුවෙනි.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ලෙස්ලි දේවේන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර සිංහල වෙළෙද පෙරමුණ ශාලාවේදී පෙරවරු 9.30ට පවත්වයි.. මෙහි තේමාව වී ඇත්තේ ‘ප්‍රතිත්‍රස්ත පනත, බදු සංශෝධන පනත එරෙහි වීම හා රාජ්‍ය ආයතන නිර්දේශපාලනය කරමු‘ යන්නයි.

ලංකා බැංකු සේවක සංගමය සමග එක්වන ස්වාධීන වෘත්තීය සමිති 35ක් එක්ව පවත්වනු ලබන ‘අයිතීන් දිනාගැනීමට එක්සත් වෙමු – ජනපීඩනය හා මර්දනය පරදවමු ‘ මැයෙන් පවත්වන ජනතාවගේ ඒකාබද්ධ මැයි රැලිය මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී සවස 3.00ට පැවැත්වේ. පෙළපාළිය සවස 1.00ට කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිටින් ආරම්භ කෙරේ.

ලංකා පොදු වෙළෙඳ කාර්මික පොදු සේවක සංගමය (සි.එම්.යූ.) සංවිධානය කරන මැයි රැලිය පෙරවරු 9.30ට කොල්ලුපිටිය බාලා තම්පෝ පටුමඟේ පිහිටි සිය ප්‍රධාන කාර්යාලයේදී රැස්වීමක් පවත්වා පසුව කොල්ලුපිටිය තුළ පෙළපාළියක් පෙරවරු 11.30ට ගමන් කරනු ඇත. ‘වැඩ කරන ජනතාවට ජීවන වැටුපක් දිනා ගැනීමට සටන් කරමු‘ ඇතුළු තවත් තේමා කිහිපයක් ඔස්සේ මෙය පැවැත්වේ.

ලංකා කම්කරු කොංග්‍රසය මෙවර එහි නායක ඇමැති ජීවන් තොන්ඩමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි රැලියක් පවත්වන්නේ නැති අතර මැයි දිස සැමරුම වෙනුවෙන් සිය ශාඛා තිබෙන වතු ආශ්‍රිතව රැස්වීම් 50ක් සංවිධානය කරනු ඇත. මෙහි තේමාව වනුයේ වතු කම්කරු ජනතාවගේ අයිතීන් සුරකිමු‘ යන්නයි. මෙම රැස්වීම් උදෑසන කාලයේ එක වේලාවක පැවැත්වීම විශේෂයකී.

ලංකා ජාතික වතුකම්කරු සංගමය පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාජික සමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් දහවල් 1.00ට බදුල්ල නගරයේ රැස්වීමක් පවත්වන අතර, පෙරවරු 10.00ට පෙළපාළියක් ආරම්භ කෙරේ.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ මැයි රැලිය කොළඹ සම්බුද්ධ ජයන්ති මන්දිරයේ ශ්‍රවණාගාරයේදී සවස 2.00ට එම පක්ෂ නායක රුක්ෂාන් මාලින්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan