ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුමකට කැබිනට් අනුමැතිය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 30, කොළඹ (LNW): ශ්‍රී ලංකාව සහ කසකස්ථානය අතර ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රජය පවසන්නේ, කසකස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් සේවා කටයුතු දියුණු කිරීම සඳහා දෙරටේ ගගන නාවික අධිකාරීන් අතර ගුවන් සේවා ගිවිසුමක් අත්සන් තැබීම පිණිස 2015-5-13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණද එකී ගුවන් සේවා ගිවිසුම මේ දක්වා අත්සන් කිරීමට හැකිවී නැති බවයි.

තවද, යෝජිත ගුවන් සේවා ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ කවර හෝ ස්ථානයක සිට කසකස්ථානයේ ඇස්ටානා හෝ අල්මැටි දක්වා නිශ්චිත ගමන් මාර්ග ඔස්සේ සතියකට ගමන් වාර හතක් ගුවන් සේවා මෙහෙයවීමට අපේක්ෂා කරන බවද පවසයි.

ඒ අනුව දෙපාර්ශවය විසින් එකඟතාවයට පැමිණ ඇති ගුවන් සේවා ගිවිසුමට අත්සන් තැබීම පිණිස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසි නීතිය දීර්ඝ කිරීමට අවධානය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට රජය...

සයිප්‍රසයේ පිහිටි RAF Akrotiri බ්‍රිතාන්‍ය යුද හමුදා මූලස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රිතාන්‍යය සිය ගුවන් කඳවුරු...

ඉරාන ප්‍රහාර හමුවේ ගල්ෆ් “ක්ෂේම භූමි” සුණු විසුණු වෙයිද ?

රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැදපෙරදිග අර්බුදය බිඳ වැටුණු අනභිබවනීය...

රටේ තෙල් හිඟයක් නැහැ.අනවශ්‍ය ප්‍රශ්නයක් හදන්න එපා – බලශක්ති ඇමති ජනතාවගෙන් ඉල්ලයි (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති අතර...