මැයි රැළි දෙකකට යන ජනපති රනිල්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 30, කොළඹ (LNW): හෙට (01) දින ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි දින රැළි දෙකකට එක්වීමට නියමිත බව සඳහන් වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රථමයෙන්ම එක්වීමට නියමිත වන්නේ, ලංකා කම්කරු කොංග්‍රසය සංවිධානය කරන මැයි දින රැළියට වන අතර, එය හෙට (01) පෙ.ව 10.00ට කොටගල මහජන ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. ලංකා කම්කරු කොංග්‍රසයේ ආරාධනය පරිදි ජනාධිපතිවරයා මේ සඳහා එක්වන අතර වතුකරයේ ජනතාව විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එම මැයි දින රැළිය සහ පෙළපාලිය පැවැත්වෙනු ඇත. කඳුකර ප්‍රජාව නියෝජනය කරන විශාලතම වෘත්තීය සමිතිය සහ දේශපාලන පක්ෂය වනුයේ ද ‍ලංකා කම්කරු කොංග්‍රසයයි.

තවද, එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය හෙට (01) ප.ව 2.00ට කොළඹ මාළිගාවත්ත පොලිසිය ඉදිරිපිට දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන අතර, එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ සංවිධාන ඇතුළු පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එම මැයි දින රැළිය පැවැත්වීමට සූදානම් බව එම පක්ෂය පවසා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...