*
Tuesday, May 21, 2024
spot_img

Latest Posts

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 30, කොළඹ (LNW): G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් සුවිශේෂී තීන්දුවක් ගෙන තිබෙන බව වාර්තා වේ. ඒ, තම රටවල ඇති සියලු ගල් අගුරු බලාගාර 2035 වසර වන විට වසා දැමීමටයි.

මෙහි ප්‍රධාන අරමුණක් වන්නේ, දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ගෝලීය වැඩපිළිවෙලක් සකස් කිරීමේ වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා සෙසු රටවල්ද පොලඹවා ගැනීමයි.

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම රටවල් විදුලි උත්පාදනය සඳහා සියයට දහසයක්ම භාවිතා කරන්නේ ගල් අගුරු බලාගාරයි.

2023 වසරේ පමණක් ජපානය විදුලි උත්පාදනය සඳහා සියයට 32ක් ගල් අගුරු බලාගාර භාවිතා කොට තිබෙන අතර , ලොව වැඩි වශයෙන් වායු විමෝචනය කරන රටවල් අතරට චීනය සහ ඉන්දියාවද ඇතුළත් වේ. පොසිල දහනය කරන තවත් ප්‍රධාන රටවල් වන්නේ සෞදි අරාබිය සහ රුසියාව වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan