*
Wednesday, April 30, 2025
spot_img

Latest Posts

සුබ නැකතින් රට අනුරට දීලා පොහොසත් රටක් කෙසේ වෙතත් බොරුවලින් පිරුණු රටක් නම් බිහි වුණා – සජිත්

සටහන – රුවන් නෙළුගොල්ල

රටේ ජනතාව මැතිවරණ දෙකකට මුහුණ දී අද වන විට තීරණාත්මක ගමේ නගරයේ ඡන්දයට නැවත වරක් මුහුණ දෙන අවස්ථාවක ජනාධිපතිවරණයේ සහ මහමැතිවරණයේ දී රජයට ලබා දුන් ජන වරමින් අපේක්ෂා කළ දේ සුබ නැකතින් අනුරට රට බාර දී පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කියන පොරොන්දු පත්‍රිකාවෙන් කොපමණ ප්‍රමාණයක් ඉටුව ඇත් ද යන්න සොයා බැලිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ උතුරු කොළඹ මැතිවරණ බල ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

බලයට පැමිණි පසු 35000ක් උපාධිධාරින්ට පළමු අයවැයෙන් රැකියා ලබා දෙනවා කිව්වත් එය ද කඩ කළ බවත් හාල්, පොල්, කිරිපිටි, ආදී අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළු බඩු මිල, තෙල් මිල, විදුලි බිල 33%කින් අඩු කරනවා කිව්වත් එය ද නොවූ බවත් දුප්පත්කම තුරන් කිරීමට නව වැඩසටහනක් මෙන්ම නව අයි එම්එෆ් ගිවිසුමකට ද යනවා කිව්වත් ඒ කිසිවක් නොවූ බවත් ජනතා විමුක්ති පෙරමුණ රජය සහ ජනාධිපතිවරයා කියූ කිසිවක් වුණ පොරොන්දුවක්වත් ඉටු නොකර ඇති බවත් මේ මොහොත වන විට පොරොන්දු කඩ කිරිම හා බොරු කීම සම්බන්ධයෙන් ලෝක වාර්තාවක් පවා පිහිටුවා ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

වේදිකාවක් වේදිකාවක් පාසා බොරුව, මුසාව, මුලාව ප්‍රචලිත කරමින් සිටින බවත් මැතිවරණ දෙකකදි බොරු කියා දැන් ගමේ ඡන්දයේදීද අලුතින් බොරු කියමින් යන බවත් අයවැයේ නැති සහනත් ලබා දෙන බවට බොරු පොරොන්දු රාශියක් කියමින් යන බවත් මේ අලුත් බොරු පොරොන්දු කියනවාට වඩා මේවා අයවැය යෝජනාවට ඇතුළත් කර මුදලුත් වෙන් කළ හැකිව තිබුණත් එසේ නොකර මැතිවරණයෙන් පසු කරනවා යැයි කියමින් ලොකු බොරු තොගයක් කියමින් යන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එම නිසා මේ බොරුවට තවදුරටත් වහල් නොවි මෙවර පළාත් පාලන මැතිවරණයේ දී බුද්ධිමත්ව කටයුතු කරන ලෙසත් බොරු පිට බොරු කියා ඒවා ජනතාව ඉදිරියේ අනාවරණය වීමෙන් පසු රජයේ අවසාන තුරුම්පුව ලෙස මාලිමාවේ පළාත් පාලන ආයතනවලට පමණක් ප්‍රතිපාදන ලබා දෙනවා කියා රටවන බවත් ජනාධිපතිවරයා මේ පනත් ගැනවත් අවබෝධයක් නැති බවත් ජනාධිපතිවරයා යනු රටේම නායකයා වුවත් මේ ජනාධිපතිවරයා මේ වන විට ජනතා විමුක්ති පෙරමුණට පමණක් නායකයා වී පක්ෂග්‍රාහී ප්‍රකාශ නිකුත් කරන බවත් පැවසූ සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය විපක්ෂයේ සිට වැඩ කළා සේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපාදන තිබුණත් නැතත් සමගි ජන බලවේගය ජය ගන්නා පළාත් පාලන ආයතනවලට වැඩකළ හැකි බවත් ජනතාව අපේක්ෂා කරන සේවාවට වඩා ඉහළ සේවාවක් කිරීමේ වගකිම බාර ගන්නා බවත් අවධාරණය කළේය.

ජනාධිපති අගමැති හා ආණ්ඩුවේ වගකීම තමන්ගේ රටේ පුරවැසියන් රැකගැනීම වුවත් අද වන විට රටේ නීතිය හරියට ක්‍රියාත්මක නොවී කැලෑ නීතියක් ක්‍රියාත්මක වන බවත් නීතිය වල් බිහි වී නාදුනන තුවක්කුකරුවන්ගේ මැර කණ්ඩායම්වල මිනිමරුවන්ගේ ග්‍රහණයට යටපත් වී ඇති බවත් මහපාරේ දී නිවසේදී වැඩ කරන තැන්වල පවා වෙඩි තැබීම් සිදු කරන බවත් සාමාන්‍ය ජනතාවට පවා කිසිදු සහනයක් නොමැති බවත් නීතිය හා සාමය ක්‍රියාත්මක කරන්නට මේ රජයට හැකියාවක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පළාත් පාලන මැතිවරණය සමගි ජන බලවේගය ජයග්‍රහණය කළ පසු පොලිසිය හා ආරක්ෂක අංශවලට අමතරව බිම්මට්ටමේ ගම් මට්ටමෙන් සිවිල් ආරක්ෂක කමිටු ප්‍රජා ආරක්ෂක කමිටු ඇති කර ජනතා සහභාගීත්වයෙන් ජනතා නායකත්වයෙන් හා ජනතා කේන්ද්‍රීයව සෑම වසමක්ම ආරක්ෂා කළ හැකි බවත් පළාත් පාලන ආයතන හරහා ජනතා කේන්ද්‍රීයව පොලිසිය හා ආරක්ෂක අංශ සමග කටයුතු කර නීතිය හා සාමය ආරක්ෂා කළ හැකි බවත් මේවා නව වැඩපිළිවෙළක් බවත් මේ හරහා පාතාල කල්ලි ජනතාවගේ නායකත්වයෙන් මැඩපැවැත්විය හැකි බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan