*
Wednesday, May 14, 2025
spot_img

Latest Posts

IMF වෙතින් ශ්‍රී ලංකාවට විශේෂ දැනුම්දීමක්!

රෂිකා හෙන්නායක

පිරිවැයට සරිලන ලෙස විදුලි බිල ගැළපිය යුතු බවට ශ්‍රී ලංකා රජයට අවධාරණය කරමින්, විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට විශේෂ දැනුම්දීමක් සිදු කර ඇතැයි වාර්තා වේ. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත්තේ, මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බවයි.

විදුලිබිල එලෙස ගැලපීමක් නොකොළහොත් ලංකා විදුලිබල මණ්ඩලයේ ණය බර තවදුරටත් වැඩි විය හැකි බවත් බදු ගෙවන්නන් මත තවත් පීඩනයක් එල්ල විය හැකි බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇතැයි සඳහන් වේ. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනය සම්පූර්ණ කිරීම සඳහා එය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව, ඔවුන් නිකුත් කළ නිවේදනයක දක්වා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් දක්වා ඇත්තේ, ලංකා විදුලිබල මණ්ඩලයේ ණයබර වැඩි නොවන ලෙස කටයුතු කිරීමට බලධාරීන් පියවර ගත යුතු බවටත් , එලෙස ක්‍රියා කළහොත් ඉදිරියේදී ජනතාවට විදුලි බිල සම්බන්ධයෙන් සහනයක් ලබාදීමට හැකියාව ලැබෙනු ඇති බවටයි.


 

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan