බංගලාදේශය පෙරමුණ ගනියි

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 30, කොළඹ LNW:

ශ්‍රී ලංකා සහ බංගලාදේශ අවුරුදු 19 න් පහළ පිරිමි කණ්ඩායම් අතර පැවත්වෙන තරග හයකින් යුත් එක්දින තරගාවලියේ දී බංගලාදේශ කණ්ඩායම 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්ව සිටිනවා.ශ්‍රී ලංකාව කෝල්ට්ස් පිටියේදී මුහුණ දුන් පරාජයේ ගෞරවයනම් බංගලාදේශ පිතිකරුවන්ගේ හැකියාවට මෙන්ම වර්ෂාවට ද යම් ප්‍රමාණයකින් හිමි විය යුතුයි.


වර්ෂාවේ අවහිරකම් එබිකම් කරමින් සිටියදී කෝල්ට්ස් පිටියේ පළමුව පන්දුවට පහර දීමේ වාසිදායක තත්ත්වය බංගලාදේශය දිනා ගත්තේ කාසියේ වාසියත් සමගයි.වැස්ස ළගා වීමට ප්‍රථම වේගවත්ව ලකුණු ලබා ගැනීමට බංගලාදේශ පිතිකරුවන් තුළ තිබුණ අභිප්‍රායට බාධා කරන්නට තරමේ පීඩනයක් ගොඬ නඟන්නටත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසමත් වුණා.


බංගලාදේශ පුහුණුකරුවා ලාංකිකයෙකු වන නවීඩ් නවාස්.නැවත ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී රිද්මයට ගෙන ඒම සඳහා සහය පුහුණුකරු හැටියට නවීඩ් විශාල සේවයක් කරනු ලැබුවා.නවීඩ්ට බංගලාදේශයෙන් විශාල පිළිගැනීමක් සහ ගෞරවයක් ලැබෙන්නේ ඔහු එරටට අවුරුදු 19 න් පහළ ලෝක කුසලානයක් ගෙන ඒමට පුහුණුකරු හැටියට දායක වූ ක්‍රීඩකයා නිසයි.ඒ නිසා ඔහු නැවත එම කණ්ඩායයම භාර ගනිමින් බංගලාදේශයට ගිය අතර මෙවර යළිත් ආසියානු 19 න් පහළ තරගාවලියේදී බංගලාදේශයේ විශිෂ්ඨත්වයට පාර සකසා දුන්නා.


මෙහිදී බංගලාදේශ කණ්ඩායමේ සියලුම පිතිකරුවන් හොඳ මට්ටමක නැතත්,ඔවුන් සමඟ සිටින අතළොස්සෙන් කිහිප දෙනෙකු තරගයකදී අනිවාර්යෙන් වගකීමෙන් යුතුව ක්‍රියාත්මක වෙනවා.අද ඔවුන් වර්ෂාව පරාජය කරමින් ලකුණු 39 න් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ජය ගනිද්දීත් ඔවුන්ගේ නායකයාගේ පිත්ත වේගවත්ව ක්‍රියාත්මක වුණා.
ෂවාඩ් අබ්රාර් (38) සමඟ නායක අෂිසුල් හකීම් නොදැවී 67 ක් සමඟින් දෙවන කඩුල්ල වෙනුවෙන් ඇති කරපු ලකුණු 65 ක සබඳතාවය මේ තරගයේදී බංගලාදේශයේ ජයග්‍රහණයට හේතු වුණා.කාලගුණය හරස් වී බංගලාදේශ ඉණිම පන්දු 28 දී කඩුලු 2 ට ලකුණු 144 ක් වෙද්දී තරගයේ හැඩය ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට සැකසුණු අතර ඒ අනුව ශ්‍රී ලංකාවට විශාල ලකුණු සංඛ්‍යාවක් හඹා යන්නට සිඳු වුණා.එහෙත් ඒ විශාල ලකුණු වේගය නඩත්තු කරන්නට උත්සාහ කළ ශ්‍රී ලංකාවට පන්දු ඕවර් 22 ක් තුළ කඩුලු 7 ක් දැවී ලබා ගන්නට හැකි වුණේ ලකුණු 120 ක් පමණයි.


ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ඒ වන විට ජය ගැනීමටනම්, ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පූවරුව ලකුණු 159 ක් ව තිබිය යුතුව තිබුණා.මේ ජයග්‍රහණයට එරෙහිව වර්ෂාවෙන් වූ හානියත් සමඟ සහ බලාපොරොත්තු නොවුණු ලකුණු වේගයත් සමඟ පිතිකරුවන් අසරණ වෙද්දී යළිත් පළමු ජයග්‍රාහී තරගයේදී මෙන්ම අංක අට පිතිකරු ලෙස පැමිණි කවීජ ගමෙගේ පන්දු 30 ක් තුළ ලකුණු 32 ක් නොදැවී ලබා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙණෙනම ඉණිම දියත් කළා.බංගලාදේශය වෙනුවෙන් නායක අෂිසුල් හකිම් පන්දුවෙන්ද දස්කම් දක්වමින් ලකුණු 17 ට කඩුලු 2 ක් ලබා ගන්නට සමත් වුණා.අල් ෆහාඩ් ද ලකුණු 17 ට කඩුලු 2 ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක් වූවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරි හරි දැන් අපි ගැහුව ඒවට අපිට රිටර්න් හම්බුණා! දැන් ඔය ළමයි ගිහින් නිදාගන්න!

සටහන – පුලීජූනි 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය විසින් කටාර්...

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කුවේට්, සවුදි අරාබිය ඇතුළු රටවල් කිහිපයකත් ගුවන් අවකාශ වැසේ!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):"එක්සත් අරාබි එමීර්...

Breaking News: කටාර් අගනුවරට මිසයිල ප්‍රහාර මාලාවක්!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):  ඉරානය විසින්...

ඊශ්‍රායල-ඉරාන යුධ ගැටුම් මධ්‍යයේ කටාර් ගුවන් කලාපයේ ගමනාගමනය තාවකාලිකව අත්හිටුවයි!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කටාර් රාජ්‍යය තම...