*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 04/30

  1. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලබා දුන් පොරොන්දු රජය විසින් ඉටු කිරීම සැක සහිත බව සමඟි ජන බලවේගය පවසයි: මෙරටට ලබා දුන් ඇ.ඩො. බිලියන 3 ක ණය සඳහා වසරකට 8% ඉක්මවූ අති විශාල පොලී අනුපාතයක් අය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කරන බව පා.ම. පාඨලී චම්පික රණවක පවසයි.
  2. රජයේ සුරැකුම්පත් “පැහැර හැරි” (Default) ලෙස ශ්‍රේණිගත වීමෙන් අනතුරුව, සහ “ණය කප්පාදුවක්” (hair-cut) නුදුරේදී ම පැමිණීමට නියමිතව තිබූ බවට දැන දැනත් සේවක අර්ථසාධක අරමුදලේ මුදල් රජයේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙත ආයෝජනය කිරීමට අනුමැතිය ලබා දීමට මුදල් මණ්ඩල සාමාජිකයන් ලෙස මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන කටයුතු කළේ ද යන්න සොයා බැලීම සඳහා ඉහළ මට්ටමේ විමර්ශනයක් දියත් කළ යුතු බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් පවසයි: ඔවුන් ගේ ක්‍රියාකලාපය හරහා සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට අයත් රු. බිලියන සිය ගණනක මුදලක් අහිමි වන බව ද අවධාරණය කරයි.
  3. ශ්‍රී ලංකාව ලබා තිබෙන්නේ “බිඳෙනසුලු ස්ථාවරත්වයක්” පමණක් බව ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති විශ් ගෝවින්දසාමි පවසයි: අනාගතයේ කළ යුතු දෑ බොහෝ බව පවසයි: ලංකා වාණිජ මණ්ඩලය සහ ගෝවින්දසාමි යනු “ණය පැහැර හැරීම”, ශ්‍රී ලංකා රුපියලේ දැඩි අවප්‍රමාණයක් වීමට හේතු වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන, ඉතා ඉහළ පොලී අනුපාත, අධික උපයෝගීතා මිල ගණන්, අධික සෘණ වර්ධනයන්, විදේශ විනිමය ජනිත කරන ඉදිකිරීම් ගිවිසුම් නවතා දැමීම ආදිය වෙනුවෙන් දැඩිව පෙනී සිටි පාර්ශවයන් බව ද සිහිපත් කළ යුතු ය.
  4. චීනයෙන් ලද ඇ.ඩො. මිලියන 450 ක පහසුකමක් යටතේ, කොළඹ ප්‍රදේශයේ අවවරප්‍රසාදිත ප්‍රජාව වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘතියක් දියත් කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය කටයුතු කරන බව එම අමාත්‍යංශයේ ලේකම් ඩබ්.එස්. සත්‍යානන්ද පවසයි: කොළඹ ප්‍රදේශ 05 ක් පුරා නිවාස 1,995 ඉදි කිරීමට නියමිත අතර, මෙම ව්‍යාපෘතිය වසර 02 ක් තුළ අවසාන කිරීමට නියමිත ය.
  5. පක්ෂයේ තීරණයට පිටින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම මත පා.ම. ඒ.එච්.එම්. ෆවුසිට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව සමඟි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.
  6. වත්තල, අත්තනගල්ල, මීගමුව, මිනුවන්ගොඩ සහ ගම්පහ යන ප්‍රදේශවල නියම කළ උපරිම සිල්ලර මිලට වැඩි මුදලකට බිත්තර විකිණූ කඩ 29 කට රු. මිලියන 4.9 ක දඩයක් නියම කිරීමට අධිකරණය කටයුතු කරයි.
  7. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිදුවීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු පා.ම. ජේ. ශ්‍රී රංගා සැකකරුවකු ලෙස නම් කරයි: ශ්‍රී රංගාට මැයි 03 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ නියෝග කරයි: 2011 දී වව්නියාව ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරකට අදාළ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාව මත ශ්‍රී රංගා දැනටමත් සිටින්නේ පොලිස් අත්අඩංගුවේ ය.
  8. හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ සතලිස් වසරක දේශපාලන ගමනට එරෙහිව මෙතෙක් ඉදිරිපත් වූ විනාශකාරීම ලේඛනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම විය හැකි බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව නිදහස ජනතා සභාව වෙත එක්වූ පා.ම. මහාචාර්ය චරිත හේරත් පවසයි: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම සහ මහින්ද රාජපක්ෂ විසින් නායකත්වය ලබා දෙන ආණ්ඩු පක්ෂයේ දේශපාලනය අතර විශාල නොගැළපීමක් තිබෙන බවට අවධාරණය කරයි.
  9. ඉහළ කොත්මලේ ජලාශයට ජලය සපයන කොත්මලේ ඔයෙහි මත්ස්‍යයන් සිය ගණනින් එකවර මිය යාම හමුවේ බලධාරීන් අපහසුතාවයට පත්ව තිබේ: මිය ගිය මසුන් සහ ජල සාම්පල පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය රෝහල වෙත යොමුකර ඇති බව ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය දුරේරාජා රිෂිනී පවසයි.
  10. කෞතුකාගාරය, ලේඛනාරක්ෂක, පුරා විද්‍යාව, සංස්කෘතික ත්‍රිකෝණය සහ විශ්ව විද්‍යාල ඒකාබද්ධ කිරීමේ අරමුණින්, “ඉතිහාසය පිළිබඳ වූ ආයතනයක්” (Institute of History) ස්ථාපිත කිරීමට තමා අදහස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan