අපට පක්ෂයට වඩා රට වටිනවා. අපි ජනපති රනිල්ට දිගටම සහාය දෙනවා – ප්‍රසන්න

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට තමන් කටයුතු කළේ පක්ෂයට වඩා තමන්ට රට වැදගත් නිසා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

“අපිට පක්ෂය දෙක, අපිට ප්‍රථමයෙන් වටින්නේ මේ රටයි. අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අපි උදව් කරන්න ගත්තේ මේ රට ගැන හිතලයි. එතුමා කරගෙන ආ කොටස ඉදිරියටත් කරගෙන යන්න අපි පූර්ණ සහයෝගය ලබා දෙනවා. සමහරුන්ට ඕනෑ වෙලා තියෙන්නේ පොහොට්ටුව නැවත දේශපාලනයට එන එක වලක්වන්නයි. ඒ නිසයි පසුගිය කාලයේ අපේ පක්ෂය පිළිබඳව විවිධ බොරු මත වැපුරුවේ. මේ පක්ෂය ජනතාවගේ පක්ෂයක්. තීන්දු තීරණ ගන්න ඕනි වෙලාවට අපි මේ රටේ අනාගතය ගැන හිතලා තීන්දු ගන්නවා. ගමේ පොහොට්ටුවට තියෙන බලය තවමත් එහෙමමයි. ඒකට තමයි ඇතැම් දේශපාලන පක්ෂ බයවෙලා මේ කුමන්ත්‍රණ කරන්නේ”

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ පොළොන්නරුව, හිගුරක්ගොඩ තාරුකා මණ්ඩප ශ්‍රවණාගාරයේ පැවති සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි. මෙහිදී හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ප්‍රතිලාභීන් 197 කට ඉඩම් බලපත්‍ර සහ ප්‍රතිලාභීන් 43 කට ඉඩම් දීමනා පත්‍ර පිරිනැමිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුබ උපන්දිනයක් ‘ජෝ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත්...

බංගලාදේශයට යන අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ සුක්කානම රෙහාන් පීරිස් ට

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW බංගලාදේශ සංචාරයට නම් කරන...

බංග්ලාදේශයට බලපෑ රික්ටර් මාපකයේ 5.5 ක ප්‍රභල භූ කම්පනයක් හේතුවෙන් පස් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ ඩකා...

ආණ්ඩුවේ කුඩු ඇල්ලිල්ල සංදර්ශනයක්. මුන් 159ක් හිටියාට නීති හදන්නෙ නෑ. හුඟක් අය දැන් මගේ සිංදු අහන්නෙත් නෑ – සංගීත්

වත්මන් ආණ්ඩුවේ මත්ද්‍රව්‍ය වැටළීම් හුදු සංදර්ශනයක් පමණක් බවත් ඒවායි...