නව ත්‍රස්ත විරෝධි පනත පිළිබඳ මහජන අදහස් විමසයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවිධ පාර්ෂවයන්ගෙන් යෝජනා සහ අදහස් ලබාගැනීමට අධිකරණ අමාත්‍යංශය තීරණය කර තිබෙන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළ අතර දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන ඇතුළු ඕනෑම් පුද්ගලයෙකුට ඒ සඳහා අවස්ථාව හිමිවන බවද පවසයි.

මැයි මස 30 වන දින දක්වා ඒ සඳහා කාලය ලබාදෙන අතර සිය යෝජනා අධිකරණ අමාත්‍යංශය වෙත ඉදිරිපත් කළ හැකි වන අතර එම යෝජනා සියල්ල සැලකිල්ලට ගනිමින් නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව ඉදිරි කටයුතු තීරණය කරන අතර ඊට පෙර සාකච්ඡා වට කිහිපයක් ද පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

සියලුදෙනාට පිළිගත හැකි ආකාරයට නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළ අතර , රජය විසින් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පසුගිය දා ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළ අතර ඊට ඇතැම් පාර්ශවවල විරෝධතා එල්ල වුණි.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පියවර ගනු ලැබූවේ, ඒ අනුව අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තාවකාලිකව නතර කිරීමටයි .


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ පාසල් විරෝධතා උණුසුම් වෙයි – 250,000කට අධික පිරිසක් වීදි බසිති

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 07: ප්‍රංශයේ පාසල්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 07) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

සමාගම්වලට කැමති මිලකට තෙල් විකුණන්න පුළුවන් – තෙල් සංස්ථා සභාපති

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉන්ධන අලෙවියේ නියුතු ලංකා IOC,...

අල්ලස් ගත් බන්ධනාගාර සහකාර අධිකාරීවරයෙක් බන්ධනාගාරය තුළදීම අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයා අල්ලස්...