ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදය අතහැරියා. දැන් අපේ මොඩ්ල් එකේ සජබ කෑලිත් තියෙනවා – ලාල්කාන්ත (VIDEO)

Date:

ජනතා විමුක්ති පෙරමුණ තවදුරටත් සමාජවාදී පක්ෂයක් නොවන බව එහි දේශපාලන බලමණ්ඩල සභිකයකු සහ ජාතික ජන බලවේගයේ විධායක සභිකයකු වන කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

ප්‍රශ්නය – ජේවීපී එකේ ආර්ථික ප්‍රතිපත්තිය වුණේ සමාජවාදය ?

“එක යුගයක”

ප්‍රශ්නය – දැන් වෙනස් වෙලාද ?

“ඔව් වෙනස් වෙලා”

ප්‍රශ්නය – දැන් එතකොට සමාජවාදී නෙවෙයිද ?

“නෑ”

ප්‍රශ්නය – ඒ කියන්නෙ ජවිපෙ ආර්ථිකය ප්‍රතිපත්තිය සමාජවාදය නෙවෙයි ?

“සමාජවාදයත් නෙවෙයි ධනවාදයත් නෙවෙයි”

ප්‍රශ්නය – මොකක්ද එහෙනම් ?

“අපේ ආර්ථික මොඩ්ල් එක විදියට කිව්වොත්, අපි ඒකට කියන්නෙ, දැන් දේශපාලනයේදී අපේ මොඩ්ල් එක තමයි බහුපක්ෂ ක්‍රමය පිළිගන්න – දැන් ඔය කියන සමාජවාදී රටවල කියන්න බහුපක්ෂ ක්‍රමය පිළිඅරන් තියනවද ? නෑ. චීනය නෑනෙ, කියුබාව නෑනෙ, වියට්නාමෙ නෑනෙ, තිබ්බ සෝවියට් දේශයේ තිබ්බෙ නෑනෙ. අපි බහුපක්ෂ ක්‍රමය පිළිගන්නවා. පාර්ලිමේන්තු ක්‍රමය පිළිගන්නවා”

ප්‍රශ්නය – ජවිපෙ මොඩ්ල් එක වෙනස් කරගෙන ?

“ඒ කියන්නෙ අපේ පාලන රටාව වෙනස්. පාලන ක්‍රමය වෙනස්”

ප්‍රශ්නය – ඒ කියන්නෙ රටට ගැලපෙන්න හදාගෙන ?

“ඒ කියන්නෙ අපේ රටේ 1931 ඉඳන් ඡන්ද බලය පාවිච්චි කරලා ජනතාව ඒකත් එක්ක ආපු ගමනක් තියෙනවා. එතකොට අපි බහුපක්ෂ ක්‍රමය පිළිගන්නවා. නිසි කලට ඡන්ද තියනවා. ඒවා ඔය කියන සමාජවාදී රටවල තිබ්බද ? නෑ. එහෙනම් අපි වෙනස්. ඊළඟට ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියලා – අපේ මොඩ්ල් එක තමයි ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය”

ප්‍රශ්නය – ආර්ථිකය සම්බන්ධ දැක්ම ඒක ?

“ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය. ඒ කියන්නෙ සමාජයේ ජීවත්වෙන සෑම පුරවැසියෙකුටම ආර්ථිකයට දායක වෙන්න, එහි ප්‍රතිඵල ලබන්න අයිතියක් තිබේ. දැන් මේ සිස්ටම් එකේ ඒක නෑ. ආර්ථිකයට හැමෝම සම්බන්ධ වෙලාත් නෑ, රැකියා නැති මිනිස්සු ඉන්නවා. ආර්ථිකය කඩාවැටිලා”

ප්‍රශ්නය – මේ බදු ගෙවමින් මිනිස්සු සම්බන්ධ වෙන්නෙ ආර්ථිකයට ?

“ඔව් එහෙම සම්බන්ධ වෙනවා. බදු ගෙවන්න සම්බන්ධ වෙනවා පරිප්පු චුට්ට ගද්දී. ප්‍රතිලාභ ලබන්න සම්බන්ධයක් නෑනෙ. ආර්ථිකයෙන් වඳවෙවී යන්නෙ කට්ටිය. සුළු පරිමාණ කට්ටිය වැටෙනවා කියන්නෙ ආර්ථිකයත් එක්ක තිබ්බ සම්බන්ධය ඉවර වෙනවා. මධ්‍ය පරිමාණ කට්ටිය වැටෙනවා කියන්නෙ ආර්ථිකයත් එක්ක තිබ්බ සම්බන්ධය ඉවර වෙනවා”

ප්‍රශ්නය – ඔබ ඔය කියන්නේ ව්‍යවසාය වෙළඳපොල ගැනද ?

“ඔව් මේ ආර්ථික සිස්ටම් එක. ඒකෙ එක කෑල්ලක්නෙ ව්‍යවසායකයො. එතකොට ආර්ථිකයට කාටත් සම්බන්ධ වෙන්න පුළුවන්, ඒ ආර්ථිකයට තමන් සම්බන්ධ වෙන පංගුව තමන්ට ලබන්න පුළුවන්. එතකොට මං කියාගෙන ආවෙ, අර හර්ෂ කියන සමාජ වෙළඳපොල ආර්ථිකයට වඩා අපි වෙනස්. ඊළඟට ගත්තාම අර කියන්නෙ කුරිරු ධනවාදය මේ තියෙන එක, ඒකටත් වඩා අපි වෙනස්. හැබැයි අපි ආපු ගමන් දැන් තියෙන සිස්ටම් එකේ මහා පරිමාණ කර්මාන්තකරුවෝ අරහෙ මෙහෙ ව්‍යවසායකයො පැත්තකට දාලා ඒවා රජයට ගන්න යන්නෙ නෑ. නිශ්චිතයි ගන්න යන්නෙ නෑ. අපිත් අර සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ – දැන් අපි වී වගාව ගත්තොත් ඒ අයට අවස්ථාව හදනවා, අපිත් හදනවා, ඔය සජබ කියන කෑල්ල තියෙනවා අපෙ ළඟ. සජබ ළඟ නැති කෑල්ලකුත් අපි ළඟ තියෙනවා, අපි කල්පනා කරනවා සමාජ සාධාරණය වෙනුවෙන් වී අලෙවි මණ්ඩලයෙන් යම් වී පංගුවක් මිලදී ගන්නත් අපි හිතනවා. යම් වී පංගුවක්. වෙළඳපොල හසුරුවන්න අවශ්‍ය වෙන ප්‍රමාණය. යම් ගබඩා ප්‍රමාණයක් තියාගන්නවා. හැබැයි අර 70 – 77 කාලෙ වගේ රජය මිලදීත් ගන්නවා, රජය වී කොටනවා, ගබඩා කරනවා, වෙළඳපොලට දානවා, ඒක කරන්නෙ නෑ. අන්න සජබෙන් අපි වෙන්වෙන තැන”

කේ.ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ යූටියුබ් නාලිකාවක් සමග සංවාදයකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව නිදහස සමරණ දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණිජුලි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදයේ...

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...