වජිර මැයි දිනේට කෝච්චියෙන් කොළඹට!

Date:

කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන අද (01) උදෑසන ගාල්ල සිට කොළඹ බලා දුම්රියෙන් පැමිණි බව වාර්තා වෙයි.

මැයි දින සැමරුම වෙනුවෙනුයි සිය ආධාරකරුවනුත් සමඟ ඔහු කොළඹ බලා පැමිණ ඇත්තේ.

සිය ආධාරකරුවන් සමඟ ගාල්ලෙන් දුම්රියට ගොඩවූ මන්ත්‍රීවරයා දුම්රිය රියදුරු කුටියේ ගමන් ගෙන ඇති අතර දුම්රිය ගමන ආරම්භවීමට පෙර සෙසු මැදිරිවල සිටි සිය ආධාරකරුවන් අතරට ගොස් ඇති වජිර අබේවර්ධන මහතා ඔවුන් සමඟ සුහද කතා බහකද නියැලී තිබේ.

ගාල්ල දුම්රිය ස්ථානයේ දී ‘අනාගත ජනාධිපතිතුමාට ජයවේවායි’ වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා වටකරගත් ආධාරකරුවන් ජය ඝෝෂා නගා තිබෙන බවද වාර්තා වෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...