*
Wednesday, May 22, 2024
spot_img

Latest Posts

බහමාස් යන ක්‍රීඩකයො කොට උඩ – සංගමේ අනාගතය වැට උඩ

සටහන – නිශ්මං රණසිංහ
මැයි 01 , කොළඹ (LNW): මලල ක්‍රීඩා ඉසව්වකට නැවත වරක් ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලක් ක්‍රීඩා කරන්නට අවස්ථාව අහිමි වී ඇත.ඒ වීසා ගැටළුවක් මතයි.මීට පෙර ද මෙවැනි අවස්ථාවන් උදා වී ඇති අතර ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මෙවැනි තත්ත්වයන් උත්ගත වන්නේ මලල ක්‍රීඩා ඉසව්වලදී පමණක් බවය.අකාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් මතු වන මෙවැනි කරුණු නිසා බොහෝ විට ක්‍රීඩා අමාත්‍යවරයාගේ බලතල ප්‍රකාරව මලල ක්‍රීඩා සංගමය බල රහිත කිරිමේ ඉඩකඩක් ද මතුවිය හැකි බව එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා

ආසියානු ක්‍රීඩා උළෙලේදි විශිෂ්ඨ දස්කම් දැක් වූ මීටර් 400 සහය දිවීමේ කණ්ඩායමට බහමාස් හී පැවත්වෙන සහය දිවීමේ තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව අහිමි වී තිබේ.ලෝක මලල ක්‍රීඩාවේ සිටින හොඳම සහය දිවීම් කණ්ඩායම් සහභාගිවීමට නියමිත මේ තරගාවලියේ දක්වන දස්කම් මත ශ්‍රී ලංකා පිරිමි මීටර් 400 කණ්ඩායමට මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට අවස්ථාව සකස්වීමට නියමිතය.ක්‍රිඩා අමාත්‍යවරයා ඉදිරි සංචාර පිළිබඳ අවශ්‍යය පියවර ගැනීම සඳහා කල් ඇතුව සූදානම් වන ලෙස සියලු ක්‍රීඩා සංගම් සම්මේලනවලට දන්වා ඇති අතර මේ වන විට සියලු වියදම් දැරීම ද ගැටළුවක් පැන නොනැඟෙන පරිදි සිඳු වෙමින් පවතින බව දැන ගන්නට ඇත.

බහමාස් හී නාසු හී තෝමස් ඒ රොබින්සන් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවත්වෙන මෙම තරගාවලිය ඔලිමිපික් සුදුසුකම් ලබා ගැනීමට සහය දිවීමේ කණ්ඩායමකට ඇති හොඳම අවස්ථාව ලෙස සැළකෙනවා.ඒ නිසාම Paradise to Paris. ලෙස නම් කර ඇති මෙම ලෝක මට්ටමේ සහය දිවීමේ තරගාවලියේ තේමාව ද පැරිස් ඔලිම්පික් උළෙලට පිවිසීමේ පාරාදීසය ලෙස නම් කර තිබෙනවා. විවිධ ක්‍රීඩාවලින් විශේෂ කණ්ඩායමක් පැරිස් ඔලිමිපික් උළෙල පාදක කරගෙන පුහුණුවට සහ තරගාවලි නියෝජනයට තෝරා ගෙන ඇති අතර ඒ සෑම ක්‍රීඩාවකම ක්‍රීඩක ක්‍රීඩිකාවන් කල් ඇතිව සූදානම් කර ගෙන ගැටළුවකින් තොරව තරගාවලි සඳහා සහභාගි කරවන්නට හැකි වී ඇති බව ද ක්‍රිඩා අමාත්‍යංශ ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

මීට පෙර ද කොළොම්ඹියාවේ පැවති තරගයකට සහභාගිවිමේදී මේ ආකාරයටම වීසා ප්‍රශ්නයක් පැන නැඟී ඇති බවත්,ආසියාව දිනූ තරුෂි කරුණාරත්නට ඒ නිසා කණිෂ්ඨ මට්ටමේදී මීටර් 800 ඉසව්වෙන් ලෝක මට්ටමේ පදක්කමක් දිනා ගැනීමට තිබූ ඉඩ ඇහිරි ගිය බවත් පෙන්වා දෙන ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග ඉන් අනතුරුව අයෝමාල් අකලංක ජාත්‍යන්තර මට්ටමේ පදක්කමක් දිනූ උළෙලද ඒ ආකාරයෙන්ම වැළකෙන්නට ගිය බව ද පෙන්වා දෙනවා.

කල් ඇතිව මේ සඳහා සැළසුම් සකස් කර යම් වැඩ සැළසුමකට කටයුතු කළ යුතුව තිබුණු බවත්,මීට පෙර ද,කැරිබියන් දූපත්වලට යාමේදී ගැටළුවක් පැන නැඟුණු බවට අත්දැකීම් තිබියදීත් ඒ සඳහා ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා දැඩි කනස්සල්ලෙන් පසුවන බවත් ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග සනාත කරනවා.අප්‍රේල් මාසයේ මැද ද ඉක්මවා වීසා ප්‍රශ්නය අමාත්‍යවරයාට දැණුම් දී ඇති බවත්, මලල ක්‍රීඩා සංගමය කල් තියා කටයුතු කර තිබුණේනම් ඊට පෙර මේ තත්ත්වය දැනගෙන යුහුසුළුව ක්‍රියාත්මක වී වෙනත් ක්‍රියා මාර්ගවලට පිවිසීමේ හැකියාව තිබුණු බවත් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසනවා. විශේෂයෙන්ම මේ සහය දිවීමේ කණ්ඩායමට ඔලිම්පික් සුදුසුකම් ලැබීමට විශාල ඉඩකඩක් තිබියදී ඒ අවස්ථාව ඔවුන්ට අහිමි වී තිබීම ගැනත්,එයින් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම තවත් ඔලිම්පික් උළෙලවල් දෙකකට පමණ මීට වඩා අත්දැකීම් සහිතව සහභාගි විය හැකි වයසේ සිටීම නිසා ඔවුන්ට අහිමිවන වටිනා අවස්ථාව ගැන ද ක්‍රීඩා අමාත්‍යවරයා දැඩි කම්පාවට පත්ව ඇති බවත් අමාත්‍යංශ ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan