එදා දුක්විදි උතුරේ ජනතාව අද සතුටින් – එරික් සෝල්හයිම්

සටහන – රෂිකා හෙන්නායක

මැයි 01, කොළඹ (LNW):උතුරු පළාත් ආණ්ඩුකාර පී එස් එම් චාල්ස් මහත්මිය හමුවී සාකච්ඡා පැවැත්වූ අවස්ථාවේ , නෝර්වේ හිටපු විදේශ අමාත්‍ය සහ ජාත්‍යන්තර කාලගුණ විපර්යාසයන් පිළිබඳ ජනාධිපති උපදේශක එරික් සෝල්හයිම් මහතා පවසා ඇත්තේ එල්ටීටීඊ ත්‍රස්ත ක්‍රියාකාරකම් හමුවේ දුක්විදි උතුරේ ජනතාව අද ලබන නිදහස ප්‍රශංසනීය බවයි.

එරික් සෝල්හයිම් මහතා ප්‍රකාශ කළේ, උතුරේ ජනතාව යළි පදිංචි කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය හා ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වයන් නගා සිටුවීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩසටහන් අගය කරන බවයි.

උතුරේ ජනතාව වෙනුවෙන් රජය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති වැඩසටහන් පිළිබඳව ද ආණ්ඩුකාරවරිය සෝල්හයිම් මහතා දැනුවත් කළ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

” නැහැ. මට එය මතක නැහැ.” _ ගෝඨාගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : මගේ ආරක්ෂක ලේකම්...

දිලිත්ගේ රිට් පෙත්සම ප්‍රතික්ෂේපයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : අධිකරණයට අපහාස කිරීමේ...

2027 අයවැය: නොවැම්බර් 12 සිට දෙසැම්බර් 14 දක්වා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : 2027 අයවැය නොවැම්බර්...

2027 මාර්තු මාසයෙන් පසු සිදුවන්නේ කුමක්ද? ශ්‍රී ලංකාවේ ඉදිරි පියවර IMF විසින් පෙන්වා දෙයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකාව සිය...