කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

0
317

සටහන – රෂිකා හෙන්නායක

මැයි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):රුසියානු මිසයිල ප්‍රහාරයකින්, කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසාහි පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තවත් 30 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව යුක්‍රේනය පවසයි.

මෙම ප්‍රහාරයෙන් “හැරී පොටර් කාසල්” නමින් හඳුන්වන අධ්‍යාපන ආයතනයක්ද ගිනිගෙන විනාශ වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ 30 දෙනා අතර ළමුන් දෙදෙනෙකු සහ ගැබිණි කාන්තාවක් ද වන බව සඳහන් වන අතර, ප්‍රහාරයෙන් නේවාසික ගොඩනැගිලි 20 කට ආසන්න ප්‍රමාණයකට ද හානි සිදුව ඇති බව විදෙස් වාර්තා කරයි.