මාක්ස් කියවමු … “හිස්ට්‍රි රිපීට්ස්”

Date:

සීතා අරඹේපොල විසින් එදා ගෝඨාගේ වේදිකාවේදී කිවූ “රජෙක් ලැබුනොත් කැවුම් කිරිබත් කඤ්ඤං..සාදුකාරෙන් ගිගුම් දෙන්නම්..යන කවි පදය උපුටමින් හෙට අනිද්දට ලංකාවේ මහා රජෙක් පහල වෙන බව කිවූ කතාව අද එක අකුරක් හෝ වෙනස් නොකර මාළිමා වේදීකාවේ කොට්ටහච්චි සහෝදරියගේ මුවින් පැවසෙනු දුටිමි…

මහා දාර්ශනික කාල් මාක්ස්ට අනුව ඉතිහාසය නැවත නැවතත් සිදුවෙනු ඇත..ඒ පළමුවර ඛේදවාචකයක් ලෙසත් දෙවනවර විගඩමක් ලෙසත්ය..

සීතාගේ කතාව දෙවනවර කොට්ටච්චිගේ ප්‍රකාශයක් ලෙස මෙසේ රිපීට් වෙන්නේ බාවිතයේදී ආර්ථික දේශපාලන ඛේදවාචකයක් නැත්නම් විගඩමක් වීමට නියමිත දෙයක් ලෙසද….?

අපි දැන් මේ ප්‍රස්තුතයට අදාල දේශපාලන සන්දර්භය කියවමු..

ලංකාව යනු ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාපරමාධිපත්‍ය, වැනි සංකල්ප උඩින් අටවා තිබුනද සමාජ දේහය තුල අභ්‍යන්තරිකව කිසිදා අභ්‍යාස නොකෙරෙන රටකි..

බොහෝ අවස්ථාවල තද පාලනයක්, දරදඬු පාලකයෙක් ජනතාව විසින්ම ඉල්ලා සිටින්නේ මේ යථාර්ථය නිසාය…

රාජාණ්ඩු සහ රජවරු යනු ෆැසිස්ට් පාලනයකටත් වඩා නොදියුණු සහ ඉතිහාස වේදිකාවෙන් ඉවත්වුනු ම්ලේච්ඡ පාලන ආකෘතියක් බව දියුණු සමාජවල මිනිසුන් හොඳින් දනී…

ප්‍රජාතන්ත්‍රවාදය තේරුම් ගත් මිනිසුන් වෙසෙන රටක දේශපාලකයා යනු මහජන අබිලාශ ක්‍රියාවට නගන තවත් සාමාන්‍ය පුරවැසියෙක් පමණි..

නමුත් තාමත් රාජාන්ඬු මනෝබාවයේ අතරමංවූ ප්‍රජාව වෙසෙන තැන්වල ඔවුන් තාමත් රජවරු ගැන සිහින මවන අතර ඔවුන් පතන පාලකයා යනු පරමාදර්ශී දියෙසෙන් උතුමෙක් වන අතර සියළු ගැති මානවයින්ගේ අනාගතය ඔහුට කොන්දේසි විරහිතව බාරකිරීම සිදුවේ…සියල්ල දන්නේ රජුය..ලෝකය කැරකෙන්නේ ඔහු වටාය..

මේ බොහෝ කරුණු දෙස සැලකිල්ලෙන් බැලූ විට පෙනී යන්නේ ලංකාව තුල තව ශතවර්ෂයක් පමණ විවිධ ස්වරූප තුලින් එකම මජර ඉතිහාසය නැවත නැවතත් මෙසේ වේදිකාගත වීමට නියමිත බවයි…

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...