*
Friday, December 13, 2024
spot_img

Latest Posts

ජීවිතය බැලන්ස් කරන ආලෙයි තාලෙයි

සටහන – නිශ්මං රණසිංහ
මැයි 01 , කොළඹ (LNW): සප්ත ස්වරය ඔවුන්ගේ ජීවිතය හා බැඳුණු එකකි.පාසල් වියේ සිට එයට පෙම් කළ,එයින් දස්කම් කළ ඔවුන් සිටියේ එකම පංතියේ එකටමය.එහෙත් තමන්ගේ අනාගත හිමිකරුවා ඔහු විය යුතු බවත්,හිමිකාරිය ඇය විය යුතු බවත්,ඇයත් ඔහුත් තීරණයකට එළැඹ පෙම්වතුන් වන්නේ විශ්ව විද්‍යාලයට ඇතුළත්වීමට පරීක්ෂණයට පැමිණි දවසේය.එදා මෙදා තුර ඔවුන් ජීවිතය දෙතැනක සිටියදී පවා ගෙවා ඇත්තේ එකටය.ජීවිතයත් ජිවිකාවත් සංගීතය කිරීමේ සිහිනයට තාක්ෂණය කැඳවා ගෙන ඔහු සංගීත සංයෝජනයට පටිගත කිරීමට අවශ්‍යය තාක්ෂණික පහසුකම් සහිත ශබ්දාගාරයක් නිර්මාණය කර ගන්නේය.ඇය ප්‍රේමයේ මඟ ලකුණු ඔස්සේම දෙවන වසරේදී ඔහු මෙන්ම තාල භාණ්ඩ සිය උපාධිය වෙනුවෙන් තෝරා ගන්නේ බටනලාවට බැඳි සිත මදකට පසෙකට කරය.ඊට සමහර විට ඇය යම් යම් අවශ්‍යයතා වෙනුවෙන් ඔහුගෙන් තබ්ලා වාදනය ඉගෙනගෙන තිබීම ද හේතු වන්නට ඇත.

ඔහු – දිල්හාර රොෂාන් නන්දසේන
ඇය – තරු මධුශානි


එහෙත් අද වන විට ඔවුන් දෙපළ මේ රටේ විශාල පිරිසකට සමීපව ඇත්තේ ආලෙයි – තාලෙයි ලෙසය.සමහර විට ඔවුන් ඔබ සමාජ මාධ්‍යයේ මේ වන විටත් දැක තිබෙන්නට හැකිය.සමහර විට යම් සංගීත ඉසව්වක දැක තිබෙන්නට ද ඉඩ ඇත.එහෙත් ඒ සන්නාමය මිස පෞද්ගලිකව ඔවුන්ගේ නම් දන්නේ අඩුවෙන්ය.

ඔවුන් දෙදෙනාගෙන් කුඩා කාලයේ දිල්හාර වැඩෙන්නේ සංගීත ලෝලී පවුල් පසුබිමක් යටතේය.
“අපෙ තාත්තා සංගීත විෂයක් හැටියට ප්‍රගුණ කළ කෙනෙක් නෙමෙයි.හැබැයි ගයන්න පුළුවන්.ඒ වගේම් ජපන් මැඩ්ලින් එකක්,තබ්ලාවක් වගේ දේවලුත් ගෙදර තිබිලා තියෙනවා.ඒ පරිසරය අස්සෙ ඉතිං රෑට ලයිට් එහෙම ගියාම පොඩි සංගීත සාජ්ජත් පැවත්වෙනවා”
දිල්හාර ගෙදර මතකය අලුත් කරමින් කියයි.අසළ නිවසක සිටි සංගීත ගුරුවරයෙක් වූ ගාමිණි ගුණසේකරයන් වෙත දිල්හාර යොමු වන්නේ දහම් පාසල් තරග ආදියට හොඳන් පුරුදු පුහුණු වන්නය.

සර් තමයි කියන්නෙ තබ්ලා ගහමු කියලා.ඒක තමයි විශාරද වෙනකං,උපාධිය වෙනකං තබ්ලාව එක්ක ගත කරන්න හේතු වුණ මුල’

මධූ සප්ත ස්වරයේ ගිලෙන්නටම දිල්හාරගේ විද්‍යාලය වන බලංගොඩ ආනන්ද මෛත්‍රීය වෙත එන්නේ උසස් පෙළටය.
‘මං රජවක ස්කෝලෙ ඉන්න කොට පුෂ්පා දමයන්ති මිස්ගෙන් තමයි මියුසික් ඉගෙන ගන්නෙ.ඊට පස්සෙ චමින්ද කුමාර සර්ගෙනුත් බටනලාව ප්‍රැක්ටිස් කරනවා.’

ඒත් විශ්ව විද්‍යාලයේ දෙවැනි වසරෙදි ඇය ද ආදරය ඔස්සේ තාලයට පිය මනින්නට පටන් ගත් තැන සිට දිල්හාරගේ සහ මධු ගේ ගුරුවරු වන්නේ එකම පිරිසක්ය.ගයානාත් දහනායක,දිනූෂ රංග පෙරේරා සහ චානක පිරීස් වැන්නෝ පෙළින් පෙළ ඔව්හූ පෝෂණය කළ අය වූහ.ඒ දැණුම සමඟම විශ්ව විද්‍යාපීය සම්ප්‍රදාය සමඟ යම් යම් ජ්‍යෙෂ්ඨයන් සංගීත කේෂ්ත්‍රයේ යෙදෙමින් සිටි වැඩවලින් නික්ම යන විට ඒවා ඊළඟ පරපුර වෙත පැටවෙද්දී භාහිර සමාජය ද ස්පර්ශ කරන්නට මේ දෙදෙනාට අවකාශය හිමි විය.

ඔවුන් දෙනොගේම අදහස ඒ ආකාරයට භාහිර සමාජයේ සංගීතය ප්‍රායෝගිකව භාවිතයට ගැනීමේ අවකාශය සිය සෛද්ධාන්තික දැණුම වඩාත් පලදායී ලෙස මෙහෙයවිය හැකි මං විර කළ බවය.

‘ස්ටූඩියෝ එකකුත් තාක්ෂණය එකතු කරගෙන පටන් ගත් නිසා එතනට රෙකෝඩින්ග්වලට එන ජ්‍යෙෂ්ඨයොත් එක්කත් වැඩ කරන්න කතා කරන්න ලැබුණා.මේවා ඉතිං විශාල වාසියක් වුණා සංගීත ජීවිතේ මෙතනට එන්න’

දිල්හාරගේ කතාවෙන් ඉනික්බිති තරු මුළ පුරන්නේ ඔවුන් අලෙයි තාලෙයි වූ හැටි පැහැදිළි කරන්නටය.

ඔහොම ඉන්න කොට මං තබ්ලා විශාරද දෙක විභාගෙ කාලෙ පාඩම් කරළා ගොඩක් වෙහෙසට පත්වෙලා හිටියෙ.ඉතිං මං දිල්හාරට කිව්වා අපි ක්ලැසික් නැති සරල දෙයක් කරමු කියලා පීඩනයෙන් මිදෙන්න.එයා ඩෝල්කිය ගහලා මං තබ්ලාව ගහලා ෆේස්බුක් අප්ලෝඩ් කරලා විභාගේ ඉවර වෙලා දවස් දෙකක් ගිහිං බලන කොට ඒක වයිරල් වෙලා’තව තව තැන්වල ෂෙයාර් වෙලා.’

එතැනින් ඔවුන් දෙදෙනාට අලුත් පාරක් පේන්න ගන්නේය.සංගීතමය හැකියාව මෙන්ම තමන්ගේ ලබැඳියාවද සංගීතය ජීවිතය කරගෙන ගොඩ නඟන මාවතකට ඉඩ හදන බව දැනෙන්නට ගන්නේය.

‘අලෙයි තාලෙයි කියන නම ඉතිං දිල්හාරගෙ’

තරු නොපැකිළිව එ් ගෞරවය සියයට සියයක් දිල්හාරට පිරිනමන්නේය.
‘එත් ගෞරවය සමඟ එක දිගට වැඩ කරගෙන යන්න බැරි කමක් ආවා.කොරෝනා ආවනෙ.’

හැමදේටම වගේ ආලයටත් තාලයටත් කොරෝනා බාධා කර ඇත.

‘බලංගොඩ යන්න වුණා.එහේදි අපිට එකතු වෙලා මේ වැඩ කරන්න විදිහක් තිබුණෙ නැහැ.මැරි කරලා නැති නිසා එහෙම එකට වැඩ කරන්න නීතියෙන් බාධාවක් තිබුණා.’

ඔවුන්ගේ දෙවන ගමන ඇරඹෙන්නේ කොරෝනාවලින් පසුව විවාහයෙන් නීතියෙන් එකට සිටීමේ හැකියාව ද දිනා ගැනීමෙන් ඉනික්බිතිවය.

“අපි ඉතිං කොහොමත් වැඩි පුර රෙකෝඩීන් වැඩවලට තමයි මුල් තරන දෙන්නෙ.’

අනතුරුව ඒ ආකාරයට කරන ලද වැඩ දෙදෙනාම සිහි කරන්නේ සතුටින්ය.එය එක පෙළට ලියනවාට වඩා ඩබ්ලිව් ජයසිරිගේ ටෙලි නිර්මාණයක් වන මුරුගසං වෙතින් හිමි වූ සුමති සම්මානය ගැන වගේම මේ දිනවල ලලයි ලිලයි ලයි නම් වූ ජනප්‍රිය ටෙලි නාට්‍යයේ තේමා ගීතයට සංගීතය සහ හඬ යෙදීම ගැන ද පමණක් සඳහන් කරන්නට තීරණය කළෙමු.මේ සියල්ල ඔවුන් දෙදෙනා පමණක් කරන ඒවා නොවේය.ඔවුන් දෙදෙනාගේ ආලයි තාලෙයි හැරුණු විට අනෙකුත් සංගීත වැඩ කටයුතු සඳහා එකතු වී සිටින මිතුරන් දෙදෙනෙකි.ඔවුන් දෙදෙනා විඳූ කහපොළආරච්චි සහ දයාන් අමරසූරිය ය.මේ සියලු වැඩවල ගෞරවය යන්නේ මේ සිව්දෙනා එකතු වී කරන නිර්මාණාත්මක වෙහෙසටය.

එසේම සිය ශාස්ත්‍රීය ඥාණය වඩවා ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් ශකීර් හුසේන් වැන්නන්ගේ තබ්ලා වාදනයන් නිතර ඇසුරු කරන බවත්,ඒ දැණුම සමඟ වැඩුණත් විජේරත්න රණතුංග නම් ප්‍රවීනයාගේ ශිල්පය ගයානාත් සර්ගේන් දායාද කර ගනිමින් මේ යන ගමන තමන් ද අනාගතයේදී ද එම පරපුරට අයත් වන්නන් සේ පෙනී සිටිනු ඇතැයි දෙදෙනාගේම විශ්වාසය ය.

‘අපි ආසයි කසුන්ට සිංදුවක් කරන්න’

ඒ කසුන් කල්හාර ය.බොහෝ ප්‍රවීනයන් විවිධ සංගීත වැඩවලදී මෙන්ම සිය ස්ටූඩියෝවේදී ද හමු වී ඇතත් කසුන්ව තවමත් හමු වී නැත.ඉදිරියේදී කාලය සමඟ කසුන් හමුවනු ඇත.ඔහු සමඟ වැඩ කරන්නද මේ ආදරණීය තාලයට ඉඩ ලැබෙන්නට අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

‘අපි දෙන්නට දැනෙන හැටි ගොඩක් දුරට සමානයි.ඒ කියන්නෙ අපි අතර ප්‍රශ්න ඇති වෙන්නෙ නැහැ කියන එක නෙමෙයි.ඒ්ත් අපේ ජීවිතය රැදිලා තියෙන්නෙ සංගීතය එක්ක.ඒක තමයි අපිට ජීවත්වෙන්න හොයා දෙන ශතය හරිත් හොයා දෙන්නෙ.ඒ නිසා හදිසියෙ හිත් රිදීමක් ඇති වුණත් අපිට ඊ ළඟ වැඩේට ඉක්මණින් කතා කරන්න වෙනවමයි.සංගීතය ඒ නිසා අපේ ජීවිතයේ සතුටින් විනෝදයෙන් තබනවා වගේම සහයෝගය ආදරය රැකලා දෙන්නත් හේතුවක් වෙනවා.ඒ නිසා හැම පැත්තෙන්ම ජීවිතයේ බැලන්ස් එක තියා ගන්නෙ සංගීතය’

ඇත්තටම ඒ බැලන්ස් එකේ උපරිමය ආදරය ද ආදරය තාලය ද වුණ ජීවිතය හැමදාම සතුටින් තිබෙන එක වැදගත්ය.ඒ ඔවුන්ගේ සොම්නසට පමණක් නොවේය.අපව සතුටු කරන සප්ත ස්වර් ව්‍යායාමයන්හී නිර්මාණශීලීත්වය මෙන්ම ආනන්දයේ සොම්නස ද අපට විඳින්නට හැකිවන්නේ ද ඔවුන්ගේ ජීවිතයේ නිරවුල් රසය සමඟය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan