ලොව ම මිරිහානක් කළ මිහිරි මිනිසුනි

0
804

සොයුර සොයුරියනි
ඇත්තටම ඔබට දැන් වෙහෙසයි.
දෑත් දෙපතුල් උරහිස්
සියොළඟ ම තැලූ සේ කකියයි.
නමුත් තව ටිකයි
අතරමඟ නතර වෙනු නාකයි.

කඳුළු වායුව දැවූ දෑසින්
නිදිමත ද වෙහෙස ද බේරෙයි.
වැසි දියෙන් තෙතබරිත සළුවෙන්
උණුසුමක් නොපිදෙයි සීතයි.
නමුත් මිතුරනි
ආපසු හැරෙනු නොයුතුයි.
මෙවන් මොහොතක්
නැවත ⁣නොඑළඹෙයි නිසැකයි.

පද්මෙ පෙනි පෙනි
නොනවතින් පුත ඇත්තයි.
අරගලය දිනනවා අපි සත්තයි.

උණක්, කැස්සක් , හෙම්බිරිස්සාවක්
රිදුමක්, තැවුමක්, දැවුමක්
නොවේවා සොඳුරු මිනිසුනි.

තුවාල, කඳුළු, දහදිය
බිය, සොව, කෝපය
වෙහෙස,කුසගින්න,පිපාසය
නිවේවා රුසිරු සියොතුනි.

ඔබ වනන මහරු කවියක්
පබැඳුමට වදන් සොයමිනි.
එතෙක් මේ දිළිඳු කව
පුදම් ඔබ පාමුල
ලොව ම මිහිරි මිරිහානක් කළ මිනිසුනි

කෞශල්‍යා ජයලත්
2022-May

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here