බෙහෙත් හිඟය ගැන ෆේස්බුක් ලියූ යුවලකට පොහොට්ටු මන්ත්‍රීගේ මල්ලිගෙන් අමානුෂික ප්‍රහාරයක්

Date:

රටේ පවතින ඖෂධ හිඟය හේතුවෙන් තම දරුවාට ඖෂධ ලබාදීමට නොහැකිවීම පිළිබඳව ජනාධිපතිවරයා කෙරෙහි අප්‍රසාදය පළ කරමින් ෆේස්බුක් සටහනක් තැබූ පුද්ගලයෙකුට සහ ඔහුගේ බිරිඳට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ සොහොයුරෙකු සහ තවත් පුද්ගලයෙකු නිවසටම පැමිණ අමානුෂික ලෙස පහරදී ඇති බව වාර්තා වේ.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ කිරිඳිවැල, මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි අසිත ශෂීන් හේවාපතිරණ යන අය සහ ඔහුගේ බිරිඳ වන අතර ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඔවුන් රෝහල්ගත කර ඇති බව සඳහන්.

මෙම පහරදීම සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලකගේ සොහොයුරා සහ තවත් අයෙකි. අද (01) උදෑසන 11.00 ට පමණ ඔවුන් මෙම පහරදීම සිදුකර ඇත.

“මගේ දරුවාට ගන්න ෆාමසිවල බෙහෙත් නෑ. ඒ වේදනාවට මම මගේ එෆ්බී එකේ පෝස්ට් එකක් දැම්මා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව. ඒකට කවුරුහරි මිලාන් ජයතිලක මන්ත්‍රීට එරෙහිව කමෙන්ට් එකක් දාලා තිබ්බා. පසුව මම ඒකට නැවත කමෙන්ට් කළා. ඒකට විරුද්ධව තමයි මන්ත්‍රීගේ මල්ලියි තව එක්කෙනෙකුයි වාහනේකින් අද 11ට විතර ඇවිත් මගේ ගෙදරදීම මටයි බිරිඳටයි පහරදුන්නෙ. ඒ දෙන්නා මට බිමදාගෙන හොඳටම ගැහුවා. මගේ බිරිඳටත් ගැහුවා. මට ගහලා මගේ බෙල්ල මිරිකාගෙන හිටියා. අහළ පහළ අය ඇවිත් තමයි බේරාගත්තේ” යනුවෙනුයි පහරකෑමට ලක්වූ අසිත ශෂීන් සඳහන් කරන්නේ.

මේ පිළිබඳව මාධ්‍ය කළ විමසීමකදී මිලාන් ජයතිලක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණේ අදාළ පුද්ගලයා ෆේස්බුක් සටහනකින් තම මවට ද පරුෂ වචනයෙන් බැනවැදී තිබුණු බවත් මෙය පුද්ගලික කාරණාවක් බවත් ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...

ලොවක් ආදරය කළ විනිසුරු ෆ්‍රෑන්ක් කැප්‍රියෝ සිය අවසන් හුස්ම හෙළයි!

සටහන – පුලී අගෝස්තු 21, කොළඹ (LNW): අග්න්‍යාශ පිළිකාවක් සමඟ දිගුකාලීනව...