IMF ගිහිල්ලා ගොඩගියපු රටවල් නැති තරම්. ඒ නියෝග ක්‍රියාත්මක කරන්න ගියාම මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ – ඇමති බිමල්

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන්වලට ගොස් ගොඩගිය රටවල් ලෝකයේ නොමැති තරම් බවත් පසුගිය දශක තුනක් තුළ ලෝකයේ රටවල් 94 IMF සමග ගිවිසුම්වලට ගොස් ඇතත් ඒවායින් 92ක් පමණම අසාර්ථක වී ඇති බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

“දැන් ගොඩක් අය බලන් හිටියා අපි IMF එකත් එක්ක ගිහිල්ලා IMF එක කියන විදියට තමුන්නාන්සෙලාගෙ බෙල්ල මිරිකයි කියලා. අපි මං හිතන්නෙ 94 වැනි රට පහුගිය අවුරුදු 30 ඇතුළෙදී IMF එකත් එක්ක ගිවිසුම් අත්සන් කරපු. ඔය 94න් 92ක් විතරම තියෙන්නෙ ෆේල් වෙච්චි ඒවා. IMF එකත් එක්ක ගිහිල්ලා ඇත්තටම ගොඩගියපු රටවල් නෑ. නැති තරම්. ඒ නිසා අපි ආණ්ඩුව ගන්නකොට ලංකාව IMF වැඩපිළිවෙල ඇතුළෙ. මිනිස්සුන්ට බදු ගහලා, මිනිස්සු IMF කැරලි කියලා ජාතියක් තියෙනවා, ඒ නියෝග ක්‍රියාත්මක කරන්න ගියාම මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. රටවල් අවුල් වෙනවා. අපිට තිබුණා ඒ අභියෝගයෙන් රට බේරාගන්න එක පැත්තකින්. අනිත් පැත්තෙන් ලංකාව බංකොලොත්. ඔබතුමන්ලාගෙ බෙල්ල මිරිකන්න දෙන්න බෑ, ඒ විවිධ ප්‍රතිපත්ති. අද මොකක්ද වෙලා තියෙන්නෙ ? IMF අධ්‍යක්ෂ ජනරාල්තුමිය කිව්වා ඒ වැඩපිළිවෙල හරියට කරගෙන යනවා කියලා. දැන් මේ ඊයෙ පෙරේදා ඒකෙ හතරවැනි වාරිකය අනුමත කළා. අපි දන්නවා ඔබතුමන්ලාගෙ ජීවිත සුඛිත මුදිත වෙලා කේතුමතිය වෙලා නෑ”

බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (අප්‍රේල් 30) පැවති ජාජබ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...