සිව්දින සූරතාවය ගාල්ලට

Date:

නිශ්මං රණසිංහ මැයි 01, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන්නට යෙදුණ සිව්දින සූරතාවලියේ සූරතාවය දිනා ගන්නට ගාල්ල කණ්ඩායම සමත් වුණා.ඔවුන්ට තියුණු සටනක් ලබා දුන් දඹුල්ල කණ්ඩායමට අනු සූරතාවය දිනා ගන්නට ලැබුණා.
අවදාන තරගයේදී දඹුල්ල කණ්ඩායම කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර එහි දී ඔෂධ ප්‍රනාන්දු ලකුණු 120 ක් ද,දිනේෂ් චන්දිමාල් 80 ක් ද රැස් කරමින් ගාල්ල පළමු ඉණිම ලකුණු 370 දක්වා ඔෂද තබන්නට පෙරමුණ ගත්තා.දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමෙන් කැපී පෙණෙනම පන්දු යවන්නා බවට පත් වූ මොහොමඩ් සිරාස් ලකුණු 92 ට කඩුලු 4 ක් දවා ගන්නට සමත් වුණා.


පිළිතුරු ඉණිමට පන්දුවට පහර දීමට පිවිසි දඹුල්ල කණ්ඩායම ලකුණු 313 ට දවා ගන්නට සමත් වුණා.විෂාඩ් රන්දික ලකුණු 124 ක් ද,රොන් චන්ද්‍රගුප්ත ලකුණු 60 ක් ද රැස් කරමින් දඹුල්ල කණ්ඩායමට ගාල්ල කණ්ඩායමේ ලකුණු ප්‍රමාණය ඉක්මවා යන්නට හොඳ සහයක් ලබා දුන්නද සෙසු පිතිකරුවන්ගේ සහයෝගය නොමැතිකමින් එය ව්‍යර්ථ වුණා.පන්දු යැවීමේදී නිම්සර අතරගල්ල ලකුණු 101 ට කඩුලු 5 ක් දවා ගනිමින් දඹුල්ල පාලනය කිරීමේ ගාල්ල පන්දු බල ඇණියේ ප්‍රමුඛයා බවට පත් වුණා.


දෙවන ඉණිමට පිවිසි ගාල්ල කණ්ඩායමට දිනේෂ් චන්දිමාල් සිය පිත්තෙන් යළිත් ලකුණු 64 ක සහයෝගයක් ලබා දුන් අතර දුනිත් වෙල්ලාලගේ (59) සහ රමේෂ් මෙණ්ඩිස් (50) හයවන කඩුල්ලට තැබූ ලකුණු 84 න නොබිදි සබඳතාවය නොවන්නට ගාල්ලට යම් අභියෝගයක් එල්ල වන්නට තිබුණා.නොදැවී දුනිත් සහ රමේෂ් ඇති කළ සබඳතාවය නිසා තරගය නිමා වන විට ගාල්ල ඉණිම කඩුලු 5 ට ලකුණු 246 ක් ලෙස සටහන්ය තිබුණා.නැවතත් ක්‍රියාත්මක වූ මොහොමඩ් සිරාස් බිඳ වැටුණු කඩුලු 5 න් 2ක් ම සිය ගිණුමට දමා ගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 35 ක් පමණක් ලබා දෙමින්ය.


පහත දැක්වෙන්නේ මෙම තරගාවලියේ දී සහ අවසන් තරගයේ දී දැක් වූ දස්කම් අනුව තරගාවලිය අවසානයේ ක්‍රීඩකයින් ඇගයීම් ලද ආකාරය වේ. ඡායාරූපවල දැක්වෙන්නේ ද එම දක්ෂයන් වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් හී නිලධාරිවරු විසින් ජය සංඛේත පිිරි නැමූ ආකාරයය.

ශූරතාවය: ගාල්ල: ශ්‍රී ලංකා ක්‍රිකට් හී ලේකම් බන්දුල දිසානායක විසින් ප්‍රදානය කරන කරන අවස්ථාව
අනුශූරතාවය: දඹුල්ල: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් බන්දුල දිසානායක විසින් ප්‍රදානය කරන ලද අවස්ථාව
අවසන් තරගයේ වීරයා: ගාලු කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල්: ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලියේ කමිටු සභාපති නලින් අපොන්සු විසින් ප්‍රදානය කරන ලදී.


තරගාවලියේ දක්‍ෂතම පන්දු යවන්නා: දඹුල්ල කණ්ඩායමේ අකිල ධනංජය (වික්ට් 35): ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ කමිටු සභාපති නලින් අපොන්සු අතින් ජය සංඛේත ලබා ගත් අවස්ථාව.
තරගාවලියේ දක්ෂතම පිතිකරු: යාපනය කණ්ඩායමේ රවිඳු රශාන්ත (ලකුණු 563):
තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා: දඹුල්ලේ අකිල ධනංජය: ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කමිටුවේ සභාපති සමන්ත දොඩන්වෙල විසින් ජය සංඛේත ලබා ගත් අවස්ථාව

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරය: වෛද්‍යවරු තිදෙනෙක් අත්අඩංගුවට – අගමැති මෝදීගෙනුත් විශේෂ ප්‍රකාශයක්!

කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ සිදු...

පාකිස්ථානයේත් මරාගෙන මැරෙන පිපිරීමක්: මියගිය ගණන 12ක් දක්වා වැඩිවෙද්දී තවත් 27කට තුවාල!

කොළඹ LNW:පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි අධිකරණ සංකීර්ණයක් තුළ අද (11) සිදුවූ...

ලක්සල සන්නාමය චීන මැණික් ව්‍යාපාරිකයෙකුට ලබාදීම පසුපසත් ඩීල් එකක් ?

මෙරට හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණින්...

රතු බලකොටුව ආසන්නයේ පිපිරීමට හේතුව?

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (10) දින...