දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 30 වැනි ගුණ සමරුව (VIDEO)

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 30 වැනි ගුණ සමරුව අදට (01) යෙදී තිබේ.

කොළඹ මහනගර සභාවේ සභිකයෙකු ලෙස දේශපාලනයට පිවිස රටේ දෙවන විධායක ජනාධිපති ධුරය දක්වා ගමන් කිරීමට තරම් සංයමයක් තිබූ අද්විතීය නායකයෙක් වූ රණසිංහ ප්‍රේමදාස මහතා ජනසවිය, ගම් උදාව වැනි වැඩසටහන් හරහා මෙරට දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටුකළ ජනසම්මතවාදී ජනතා නායකයෙකු ලෙස ප්‍රකට ය.

ඒ මහතාගේ ගුණ සමරුවට සමගාමීව වැඩසටහන් කිහිපයක් සංවිධානය කොට තිබූ අතර අලුත්කඩේ පිහිටි ප්‍රේමදාස පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ වැඩසටහන අද පෙරවරුවේ පැවැත්විණි.

හිටපු කථානායක කරූ ජයසූරිය මහතා ඇතුළු දේශපාලනඥයින් රැසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, හේමා ප්‍රේමදාස මහත්මිය ඇතුළු ප්‍රේමදාස පවුලේ සාමාජිකයින් ඇතුළුව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...