Tuesday, May 30, 2023
spot_img

Latest Posts

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 30 වැනි ගුණ සමරුව (VIDEO)

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 30 වැනි ගුණ සමරුව අදට (01) යෙදී තිබේ.

කොළඹ මහනගර සභාවේ සභිකයෙකු ලෙස දේශපාලනයට පිවිස රටේ දෙවන විධායක ජනාධිපති ධුරය දක්වා ගමන් කිරීමට තරම් සංයමයක් තිබූ අද්විතීය නායකයෙක් වූ රණසිංහ ප්‍රේමදාස මහතා ජනසවිය, ගම් උදාව වැනි වැඩසටහන් හරහා මෙරට දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටුකළ ජනසම්මතවාදී ජනතා නායකයෙකු ලෙස ප්‍රකට ය.

ඒ මහතාගේ ගුණ සමරුවට සමගාමීව වැඩසටහන් කිහිපයක් සංවිධානය කොට තිබූ අතර අලුත්කඩේ පිහිටි ප්‍රේමදාස පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ වැඩසටහන අද පෙරවරුවේ පැවැත්විණි.

හිටපු කථානායක කරූ ජයසූරිය මහතා ඇතුළු දේශපාලනඥයින් රැසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, හේමා ප්‍රේමදාස මහත්මිය ඇතුළු ප්‍රේමදාස පවුලේ සාමාජිකයින් ඇතුළුව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.