අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 02,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රජයේ විශ්වවිද්‍යාල ඊශ්‍රායලය සමඟ සබඳතා ඇති ආයුධ නිෂ්පාදකයින්ගෙන් ඉවත් කරන ලෙස ඉල්ලා එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාලවල ක්‍රියාත්මක වූ අවිහිංසාවාදී නිදහස් උද්ගෝෂණ වලට ආරක්ෂක අංශයන්ගේ මැදිහත්වීම හා ශිෂ්‍යන් අත්අඩංගුවට ගැනීමට ඇති අයිතිය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රශ්න මතුවෙමින් තිබේ.

අප්‍රේල් 25වන දා සිට ඇරඹි උද්ගෝෂණ ක්‍රියාත්මක වූ එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාල 25කින් මේ වන විට සිසුන් 1000කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වන අතර ඒ පිළිබඳව ප්‍රශ්න කෙරෙමින් පවතියි.

මේ සම්බන්ධයන් රාජ්‍ය පරිපාලනය සඳහන් කරන්නේ, ඇතැම් සිසුන්, විශේෂයෙන්ම ඊශ්‍රායල සහ යුදෙව් පසුබිම්වලට අයත් සිසුන්, යුද විරෝධී විරෝධතා විසින් ඉලක්ක කර ගත් බවක් හැඟි ගිය හෙයින් ආරක්‍ෂිත ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා කඳවුරු කඩා ඉවත් කිරීමට සිදු වූ බවයි.

පසුගියදා කොලම්බියා විශ්ව විද්‍යාලයේ සංචාරයකින් අනතුරුව සභා කථානායක මයික් ජොන්සන් සඳහන් කර තිබුණේ, රට පුරා විද්‍යාලවල යුදෙව් විරෝධී වෛරසයක් ව්‍යාප්ත වන බවත් එය එය පිළිකුල් සහගත බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...

සජිත් – මෛත්‍රී මුලසුනේ. විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ හමුවක්. රනිල් වෙනුවෙන් විපක්ෂයෙන් කමිටුවකුත් හදයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ...

රනිල් බලන්න හරිනි ගිය කතාව බොරුවක් – අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල "අගමැති හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක...